sweden-israel-embassy-police-attempted-attack-device-stockholm

ස්වීඩනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසළින් බෝම්බයක් හමුව තිබේ.පොලිසිය පැවසුවේ බදාදා දිනයේ දී තානාපති කාර්යාල පරිශ්‍රයේ කාර්ය මණ්ඩලය විසින් "සජීවී" උපාංගයක් සොයාගෙන ඇති බවයි. එය "භයානක දෙයක් " ලෙස හඳුන්වනු ලැබූ නමුත් එය කුමක්දැයි ඔවුන් සඳහන් කර නැත.
බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම සොයාගත් දෙය විනාශ කරන ලදි.
ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් විසින් ස්ටොක්හෝම්හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට එරෙහිව “ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීම” හෙළා දුටුවේය.‍



මෙය ඉතා බරපතළ තත්වයක් ලෙස හදුන්වමින්  තානාපති කාර්යාලයකට පහර දීමට තැත් කිරීම එහි සේවය කරන අයට සහ ස්වීඩනයට පහර දීමක් වන බවත්,  පොලිසිය සහ ස්වීඩනයේ ආරක්ෂක පොලිසිය මේ සම්බන්ධව විමර්ශනය කරමින් සිටින බවත් ක්‍රිස්ටසන් පැවසීය.

ස්වීඩනයේ තානාපති කාර්යාලයේ සහ යුදෙව් ආයතනවල නිරීක්ෂණ දැඩි කර ඇති බව ද අගමැතිවරයා වැඩිදුරටත් පවසයි.

හදුනා නොගත් මෙම ද්‍රව්‍ය හමුවු අවට ප්‍රදේශය තහනම් කලාපයක් කොට ජාතික බෝම්බ ඒකකය එම ස්ථානයට කැඳවා එය විනාශ කිරීමට තීරණය කර ඇත. තක්සේරු කිරීම් වලට අනුව එම ද්‍රව්‍ය සක්‍රීයව පැවති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

 ස්වීඩනයේ පුවත්පත් වන Expressen සහ Aftonbladet විසින් එය අත්බෝම්බයක් බව වාර්තා කළ අතර,  Aftonbladet පැවසුවේ එය ගොඩනැගිල්ලේ  ඇති වැටට උඩින් විසි කර ගොඩනැගිල්ල අසලට දමා ඇති බවයි.

ස්වීඩනයේ ඊශ්‍රායල තානාපති Ziv Nevo Kulman පැවසුවේ , තානාපති කාර්යාලය සහ එහි සේවකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයකට උත්සාහ කර ඇති බවයි.



ඊශ්‍රායල-ගාසා යුද්ධයත් සමග යුදෙව් විරෝධී ක්‍රියා වැඩි කිරීමෙන් පසු, යුදෙව් ආයතන සහ සභාවල ආරක්ෂාව වැඩි කිරීම සඳහා ස්වීඩන් රජය ඔක්තෝබර් අග දී ක්‍රෝනර් මිලියන 10 ක් (ඩොලර් මිලියන 1)  යොදවා ඇත .

දෙසැම්බර් මස මුලදී අගමැති ක්‍රිස්ටසන් විසින් ස්ටොක්හෝම් හී යුදෙව් විරෝධීවාදයට එරෙහි පාගමනකට ද සහභාගී විය.

ස්වීඩන පොලිසිය පැවසුවේ යුද්ධය ආරම්භයේ සිට යුදෙව් විරෝධී අපරාධ පිළිබඳ වාර්තා 120 ක් මේ වන විට ලැබී ඇති බවයි.