taylor-swifts-father-accused-of-assaulting-photographer-in-australia

අඟහරුවාදා අලුයම සිඩ්නි නුවරදී ඡායාරූප ශිල්පිණියක පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 71 හැවිරිදි පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි . එම චූදිතයා පුද්ගලයා ඇමරිකානු ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා ලෙස හඳුනාගෙන ඇත.



"71 හැවිරිදි පුද්ගලයෙක් විසින් අලුයම 2:30 ට පමණ නියුට්‍රල් බේ වෝෆ්හිදී 51 හැවිරිදි පුද්ගලයෙකුට පහර දුන් බව පොලිසියට වාර්ථා වී ඇති බව පොලිස් ප්‍රකාශිකා ඇලිසියා මැක්කම්ස්ටි පැවසීය.

මෙම සිදු වීම සම්බන්ධයෙන් උතුරු වෙරළ පොලිස් බල ප්‍රදේශයේ අනුයුක්ත නිලධාරීන් විසින් දැන් පරීක්ෂණ පවත්වයි.

වින්දිතයා යැයි කියනු ලබන බෙන් මැක්ඩොනල්ඩ් පැවසුවේ,  තමාට පහර දුන් පුද්ගලයා ස්විෆ්ට්ගේ පියා ස්කොට් ස්විෆ්ට් වන බවයි.

මැක්ඩොනල්ඩ් පැවසුවේ , ඇය සිඩ්නි වරායේ "යාත්‍රාවක්" මත එක්සත් ජනපද පොප් නිරූපිකාව ඡායාරූප ගත කරමින් සිටි බවයි.  ඒ නගරයේ පැවති ගායිකාවගේ අවසාන ප්‍රසංග හතරෙන් පසුවය.

මැක්ඩොනල්ඩ් චෝදනා කරන්නේ, ජැටිය දිගේ ගමන් කරමින් සිටි ටේලර් ස්විෆ්ට්ගේ ඡායාරූප ගැනීම වැළැක්වීම සඳහා ස්විෆ්ට්ගේ ආරක්ෂකයින් තමාගේ මුහුණට කුඩයක් දැමූ බවයි.



 මැක්ඩොනල්ඩ් කියා සිටියේ , ස්විෆ්ට් පිටත්ව ගිය පසු මිනිසෙක් පැමිණ තමාට පහර දුන් බවයි.

ඔහු කවුදැයි  තමා හරියටම දැන‍ෙගෙන නොසිටි නමුත්,  ඡායාරූප දෙස බැලූ විට ඔහු ටේලර් සමඟ අත් අල්ලාගෙන සිටිනු දුටු බවත්, එමගින් තමාට පහර දුන්නේ ටේලර් ගේ පියා බවට අනුමාන කළ හැකි බවත් ඇය පවසයි.

ඔස්ට්‍රේලියානු පොලිසිය සාමාන්‍යයෙන් චූදිතයන් හෝ අපරාධ චෝදනා කරන පුද්ගලයන් ප්‍රසිද්ධියේ හඳුන්වා නොදෙයි.

ටේලර් ස්විෆ්ට් මේ වන විට ඇගේ ලෝක ව්‍යාප්ත බ්ලොක්බස්ටර් එරාස් චාරිකාව සිදු කරමින් සිටී.

ඇය මේ සතියේ සිංගප්පූරුවට යන්නේ ඩොලර් බිලියන 1 ඉක්මවන සංගීත ප්‍රසජගයක් සදහා වන අතර, එය මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් සංගීත චාරිකාව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.