university-strike

වැටුප් වර්ධක ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක් අද (28) ආරම්භ කර තිබේ.



හෙට (29) දිනයේ දී එම වැඩවර්ජනය පැවැත්වෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තිය සමිති මහ සම්මේලනය පවසයි.

2016 වසරේ රාජ්‍ය සේවයේ සිදුකළ වැටුප් සංශෝධනයේ දී විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට අහිමි වු 15%ක වැටුප් ප්‍රතිශතය ලබා ගැනීම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක සහ විශ්‍රාම වැටුප් අරමුදල ආරක්ෂා කිරීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙයි.

රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවේ මහ බැංකු කාර්ය මණ්ඩලය අත්තනෝමතිකව වැටුප් ඉහළ නංවා ගෙන ඇති අතර තම වැටුප් තල වලට දැඩි අසාධාරණයක් බව ඔවුන් පෙන්වා දී ඇත.



මේ අතර පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල අධ්‍යයන මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල පසුගිය කාලය පුරා වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුවද අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණක් එම දීමනා ලබාදුන් බවට ඔවුහු චෝදනා කරති.