කාන්තාවක තම සැමියා ලවා පැරැණි පෙම්වතා නිරුවත් කර ඔහුගේ කකුල් දෙකම කඩා දැමීමේ සිද්ධියක් ගාල්ල පොලිසියෙන් පෙම්වතුන්ගේ දිනය යෙදුණු ඊයේ (14) වාර්තා විය.දොඩන්දූව ප්‍රදේශයේ තරුණියක හික්කඩුව කලුපෙ පදිංචි තරුණයකු සමග මෙයට වසර දහයකට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ සිටියදී
ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගෙන ඇති බවත් කාර්මික විදුහල් අධ්‍යාපනයෙන් පසුවද ටික කලක් ප්‍රේම සම්බන්ධතාව පවත්වා තිබූ බවත් කියති.පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග විවාහ වී ඇති අතර පැරැණි පෙම්වතාද ඇය සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත.එහෙත් පසුකාලීනව ඇයට නිතරම ඔහු දුරකතන ඇමතුම් දීම කරදරයක් වී ඇති බවත්පැරැණි පෙම්වතාගෙන් බිරිඳට ලැබෙන දුරකතන ඇමතුම් පිළිබඳ ඒ අතරේදී ඇයගේ සැමියාගේද කන වැටී ඇති බවත් පොලිසිය කියයි.
මේ ඇමතුම් නතර කරන්නේ කෙසේ දැයි කල්පනා කළ සැමියා ඇයට උපදෙසක් දී ඇති අතර ඒ අනුව ඇය පැරැණි පෙම්වතාගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට ආදරයෙන් පිළිතුරු දී ඇත. ‘හරි ඔයා දඩල්ල මුහුදු වෙරළට එන්න. මම එන්නම්.' එසේ ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.ඒ අනුව ඔහු දඩල්ල මුහුදු වෙරළට පැමිණි අවස්ථාවේදී ඇයගේ සැමියා එක්වරම යකඩ පොල්ලකින් පහරදී ඔහුගේ පාද දෙකම කඩා දමා ඔහු නිරුවත් කර ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
ඒ සමගම ඇය බස් රථයක නැගී ගිය අතර සැමියා ද තවත් අයකු සමග යතුරුපැදියේ නැගී පලා ගොස් ඇත.මේ අතර මුහුදු වෙරළට පැමිණි පුද්ගලයකුට
ගස් අකුලේ පුද්ගලයකු කෙඳිරිගාන ශබ්දයක් ඇසී බලන විට කකුල් කැඩුණ නිරුවත් පුද්ගලයකු සිටින බව දැකගන්නට ලැබී වහාම ගිලන් රියක් ගෙන්වා ඔහු කරාපිටිය රෝහලට යවා පොලිසියට දැනුම් දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඩී.ජී සුගතපාල
0 Comments