wewala-incident

ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගත් පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (31) සවස එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් හික්කඩුව පොලීසියට ඒ බව දැනුවත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබේ.



පසුව පොලීසිය හා හෝටල් සේවකයින් එක්ව අදාළ පුද්ගලයා නවාතැන් ගෙන සිටි කාමරයේ ජනේලයක් විවෘත කර පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා ලේ ගලන තුවාල සහිතව නාන කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 27ක් වූ වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.