ඊයේ පාර්ලිමේන්තු සභාව අමතමින් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කළ කතාව පහත පරිදිය.

අපේ රට අපේ ආර්ථිකය බංකොලොත් භාවයට පත් කිරීමෙන් පස්සේ අපි දැන් ගැලවීමේ මාවතක යනව කියල සමහරු කිව්වට අපට පේන්නේ මේ ගැලවීමේ මාවක් නෙමේ මේක වැළලී මේ මාවතක් බවයි.
මෑතකදී ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ නිවේදනයකින් කිව්වා රාජ්ය ආයතන.
විකිණීමේ ක්රියාවලියේදී ජාතික ආරක්ෂාවට පවා බලපෑමක් වෙනවා ඒ නිසා මේ ක්රියාදාමය ගැන නැවත සලකා බලන්න කියලා.
හරීන් ප්රනාන්දු සංචාරක හා ඉඩම් ඇමතිවරයා. ඔහු ඉන්දියාවට ගිහිල්ලා කරපු කතාව කියනවා.


ලංකාවේ ඉන්දියාවේ පාට් එකක් කියල.. ඒක වැරදිලා කී වෙච්ච එකක් නෙවෙයි.
 නිසැක වශයෙන් ශ්රී ලංකාව ඉන්දියාවේ කොටසක් කරන එකයි දැන් මේ කරමින් යන්නේ.
මට හිතාගන්න බැරි හැටනම ලක්ෂ ජනවරමින් මේ පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටු මන්ත්රීවරු ටික.
දෙන දේ කා ගෙන වෙන දේ බලාගෙන ඉන්න එකයි.
දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා ලා බොරළුගොඩ සිංහයා දැන් පූස් පැටව් වගේ ඉන්නවා මේ අපරාදෙ වෙන්න ඉඩ හැරලා.
රාජපක්ෂලා ඔක්කොම ටික ඉන්නවා මේ අපරාධය කර ගහලා.
දැන් මේ මොකක්ද කරමින් තියෙන්නේ.
ටෙලිකොම් එක දෙනවා ඉන්දියානු සමාගමට. විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩලා ඉන්දියානු සමාගම්වලට දෙනවා.
අදානි මන්නාරමේ සුනිත්ය බල අධිකාරියට  ඇතුල් වෙනවා.
ඒකකයක් ගන්නේ රුපියල් පනහට. සාමාන්ය මිනිහගෙ වහල තියෙන එකක් යන්නෙ රුපියල් 35 යි.


එතකොට මේ රටේ විදුලි පිරිවැය අඩු වෙනවද?
 මාර්තු මාසයේ අත්සන් කරනවා එට්කා ගිවිසුම. කෝ ගිවිසුම දැක්කද මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු.
කෝ කැබිනට් මණ්ඩලයට පෙන්වා ද? නෑ එක රාජ්ය නිලධාරියෙක් පත්කරලා ලේකම් කාර්යාලයක් අටෝගෙන ඉන්නවා.
එයාව හමුවෙන්න සංවේදී වෘත්තිකයන් පිරිසක් ගියාම ඔහු දුන් උත්තරය තමයි මුකුත් ලේඛන දෙන්න බෑ. මේ පාර ඉන්දියාව හරි ඇග්රසිව් ලු.
එට්කා ගිවිසුම අත්සන් කළාම මේ රටේ වෙළඳාමට සහ රැකියාවලට නිදහසේ ඉන්දියානුවන්ට එන්න පුළුවන්කම ලැබෙනවා.
බුලත් විට කඩේ දාගන්නවා රූපලාවන්ය තැන හදාගන්නවා. දොස්තර රස්සාවට එන්නත් පුළුවන් ඉංජිනේරු රස්සාවට එන්නත් පුළුවන්. හැම හැම වෘත්තියක් මොවුන්ට විවෘත වෙනවා.
කොහොමත් කාටවත් අනුමත කරගන්න ඕනෑ.
ටෙලිකොම් එක ඉන්දියාව ගත්තම විදුලිබල මණ්ඩලය හතරට පහට කරලා ඉන්දියාව ගත්තම ඒක ඉන්න සේවකයෝ විශ්රාම යනකොට ලාංකිකයන්ට අවස්ථාව ලැබෙනවා වෙනුවට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙන්න පුළුවන්. මීට අවුරුදු දෙසීයකට කලින්.


උඩරට වතුකරයට ඉන්දියානු සම්බවයක් තියෙන දෙමළ ජනයාව සුදු ජාතිකයෝ ගෙනාවෙත් එහෙ තියා ගන්න බලාගෙන නෙවෙයි. වැඩටික කරගෙන යවන්න බලාගෙන.
හැබැයි එහෙම ගියේ නෑ.
වෙළඳාමට ආවම. රැකියාවලට අවම. ටික කාලයක් යන කොට මෙහෙම. බින්න බහිනවා.
ඊට පස්සේ. ඔය ග්රාමසේවක කෙනෙක් අල්ලගෙන. උප්පැන්න සහතිකය. හදාගන්නවා.
හැඳුනුම් පතක් ලැබෙනවා. දැන් අපේ හැඳුනුම්පත සම්පූර්ණ ජෛව දත්ත පද්ධතියට දෙන්න යන ඉන්දියානු සමාගමකට.
අමූල්ට දෙනවා මිල්කෝ එක.
අර අපේ තියෙන පශු සම්පත් සියලු ගොවිපොළවල් ටිකත් දෙනවා. අර ආරියශීල වික්රමනායක වගේ ලංකාවේ ඉන්න ධනපතියෙකුට දෙන්නෙ නැහැ.
මේක ඉන්දියානු සමාගම් වළල්ලක් එක පැත්තකින් මේක ගිල ගන්නවා.
අනෙක් පැත්තෙන් එට්කා ගිවිසුම් ගහලා වෙළඳාමට රැකියාවට එන නිදහසේ ඉඩ හදලා දෙනවා.
ඔය ටික ඔක්කොම කළාට පස්සේ ලංකාව කියල එකක් ඉතුරු වෙන්නෙ නෑ.
අර අවුරුදු දෙසීයකට කලින් ආපු මිනිස්සු මෙහෙ පදිංචි වුණා වගේ රස්සාවට එන වෙළඳාමට  පදිංචි වෙන්න ගන්නවා.