ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ජිවත් වන 71 හැවිරිදි  කාන්තාවක්, වසර 60 කට  පෙර  තම සැමියා සමග පෙම් සබඳතාවක් පැවැත්වූ තුර්කියේ කාන්තාවකගෙන් ලැබුණු ලියුමක් නිසා 72හැවිරිදි තම සැමියාට පහර දී ඝාතනය කිරීමට තැත් කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පර්යෙක්ෂකයින් පවසන්නේ අප වයසින් වැඩෙත්ම ප්‍රඥාව සහ අවබෝධය වැඩි වන නමුත්  ඊර්ෂ්‍යාව කිසි විටෙකත් වියපත් නොවන බවයි
මෙසේ තම සැමියාට පහර දී ඇත්තේ උතුරු මියාමි බීච් හි  පදිංචි 71 හැවිරිදි බර්තා යාල්ටර් නම් කාන්තාවයි.



ඇය මේ වන විට සිය සැමියාට කෝපයෙන් පහර දුන් බවට චෝදනා ලබා ඇති අතර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධවද චෝදනා ලැබ සිටියි.

 වාර්තාවට අනුව,වසර 60 කට පමණ පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ තුර්කියේ කාන්තාවකගෙන් තැපැල් පතක් ලැබුණු බව දැනගත් යාල්ටර් තම වයෝවෘද්ධ ස්වාමිපුරුෂයා කොට්ටයකින් මරා දැමීමට උත්සාහ කර ඇත.

උතුරු මියාමි බීච් හි නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේදී මෙය සිදුව ඇති අතර අගේ දුර්වල සැමියාගේ අත් දෙකෙහි සහ උදර ප්‍රදේශයේ තැලීම් සහ විවෘත කැපුම් තුවාල මෙන්ම ලේ ගැලීමේ සලකුණු ද පෙනෙන්නට තිබී ඇත.



සමහර මූලාශ්‍රවලට අනුව, තම ස්වාමිපුරුෂයා තම පැරණි පෙම්වතියගේ  තැපැල්පතට පිළිතුරු දුන් බව පිළිගැනීමෙන් පසු බර්තා කලබල වූ නමුත් එය ඇගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය එවෙලෙහි පෙන්වා නොමැත.

බර්තා යාල්ටර්ගේ  නීතීඥවරයා වාර්තාකරුවන්ට පැවසුවේ වයෝවෘද්ධ යුවළ ආරවුලක් ඇති කර ගත් බවත්, එහි ප්‍රතිවිපාක කණගාටුදායක බවත්, නමුත් ඇයට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් එල්ල කිරීමට අවශ්‍ය නොවන බවත්ය.

නමුත් රජයේ නීතිඥයෙක් පැහැදිලි කළේ කොට්ටයෙන් හුස්ම තදකර සිටීම මරණයක් සිදුකිරීමට තැත්  කිරීමක් ලෙසයි.

කෙසේනමුත් බර්තා යාල්ටර්ගේ ස්වාමිපුරුෂයා මේ වන විට ඇයගෙන් එල්ලවූ ප්‍රහාරයෙන් සුවය ලබමින් සිටින අතර සිදුවූ දේ නොසලකා  ඇයව සිරෙන් නිදහස් කිරීමට උත්සහ කරමින් සිටියි.

මේ වන විට ඔහුද කොට්ටයකින් තම හුස්ම සිරකිරීම පිලිබදව පැහැදිලි ලෙස අර්ථකථනය කර නැත.

එහෙත් සිද්ධියට අදාළ ජංගම දුරකථන වීඩියෝ පටයක් ඇති බවත්, එය සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට සාක්ෂියක් ලෙස භාවිත කරන බවත් පොලිසිය පවසා සිටියි.