158-including-Sri-Lankans-who-stayed-in-Malaysia-without-visa-were-arrested

නීතිවිරෝධී අයුරින්  මැලේසියාවේ බර්චැම් නුවර මහල් නිවාසයක රැඳි සිටි ශ්‍රී ලාංකීකයන් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  වාර්තාවේ.
මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර


විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු අතරින් 158 දෙනෙකු සතුව මැලේසියාවේ රැඳි සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල් පුද්ගලයින් සිටි බවත් වාර්තා කර ඇත.
පිරිමි 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහැනු ළමුන් තිදෙනෙකු සිට ඇත.
බහුතරයක් සංචාරක වීසා මත එරටට පැමිණ මහල් නිවාස කුලියට ගෙන විවිධ රැකියාවල නිරත වෙමින් සිට ඇත.
ඇතැම් පිරිස් වසරකට වැඩි කාලයක් එරට තුළ නීතිවිරෝධීව රැඳී සිට විවිධ රැකියාවල නිරත වී ඇත.

 ආගමන අධ්‍යක්ෂ, Meor Abd Malik නිවේදනය කළේ, Bercham මහල් නිවාසයේ 158 දෙනෙකු වලංගු වීසා බලපත්‍ර හෝ බලපත්‍ර නොමැතිව මැලේසියාවේ පදිංචිව සිටීම සහ අවසර ලත් කාල සීමාව ඉක්මවා සිටීම හේතුවෙන් රඳවාගෙන සිටින බවයි.


නිසි අවසරයකින් තොරව තම දේපළ විදේශිකයන්ට කුලියට දීම 1959/63 ආගමන විගමන පනතේ 55 (E) වගන්තිය යටතේ චෝදනා එල්ල විය හැකි බවත්,එය RM30,000 ක උපරිම දඩයක් හෝ මාස 12 ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවත් ඔහු
මැලේසියානු මාධ්‍ය ඉදිරියේ අවධාරණය කළේය.
වීසා නොමැතිව රඳවා ගත් අය පිටුවහල් කිරීමට නියමිතය.