නඩුවකට පෙනීසිටීමට රත්නපුර අධිකරණයට පැමිණෙමින් සිටි කැබ් රථ රියැදුරකුට අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පදික මාරුව අසලදී ඊයේ (6) උදෑසන ඇසිඞ් ප්‍රහාරයක් එල්ල වීමෙන් රියැදුරා ද මාර්ගයේ ගමන් ගත් තවත් තිදෙනකු ද පිලිස්සුම් තුවාල සහිතව රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ, පසුගිය වසරේ අප්‍රේල් 23 වැනිදා රත්නපුර නව නගරයේදී සිදු වූ මාරක රිය අනතුරක ප්‍රධාන සැකකාර රියැදුරාට බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.වසරකට පමණ පෙර සිදු වූ එම මාරක රිය අනතුරින් මියගිය තරුණයාගේ දරු දෙදෙනා ද ඔහුගේ බිරිය ද සිද්ධියෙන් පසු දැඩි ලෙස මානසික ආතතියකට පත්ව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තම මුනුපුරන් දෙදෙනාගේ සහ ලේලිය ගෙන දුක්ඛිත ජීවිතය සම්බන්ධයෙන් ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා දැඩි කලකිරීමකින් පසුව ඇති බවට දැනගන්නට ලැබුණු බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර රත්නපුරකාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන සිසුවියන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව කියන 67 හැවිරිදි පුද්ගලයකු අධිකරණ සංකීර්ණයේ මුර පොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, ඔහු ඉකුත් වසරේ අප්‍රේල් 23 වැනිදා සිදු වූ මාරක රිය අනතුරින් මියගිය තරුණයාගේ පියා බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු ඊයේ (6) දිනට යෙදී තිබුණු නඩුවකට පෙනී සිටීමට පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය සිදුව ඇතැයි ද පොලිසිය කියයි.
පිලිස්සුම් තුවාල සහිතව රත්නපුර රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් එක් අයකු හැර සෙසු අයගේ තත්වය බරපතළ නොවන බව රත්නපුර රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.මේ අතර, ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව කියන 67 හැවිරිදි සැකකරු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි.සැකකරු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
අප්සරා යෝසිත් විජේසූරිය
0 Comments