Ambani-sons-wedding-guests-Photos

අද (01) සිට දින 3 ක් තිස්සේ ඉන්දියාවේ ජම්නගර්හි (ගුජරාට්) පැවැත්වෙන ධනපති මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යයේ පළමු අදියරේ උත්සවය වෙනුවෙන් මේ වනවිට සුප්‍රකට බොලිවුඩ් තාරකාවන් ක්‍රිකට් තාරකාවන් ඇතුළු ජනප්‍රිය චරිත පැමිණෙමින් සිටී. ඇමරිකාවේ සිට ඉවංකා ට්‍රම්ප්ද අද (01) දහවල් පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කරන අතර මෙහි සංගීත අංග සදහා දායක වන සුපිරි පොප් ගායිකා රිහානා සිය කන්ඩායම සමග පැමිණීමද අද උදෑසන සිදු කර තිබුණි.
මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම පූර්ව විවාහ මංගල්‍යට අමුත්තන් 1,000 ක් පමණ පැමිණීමට නියමිතව ඇත.
අමුත්තන්ට එකම ආහාරය දෙවරක් අනුභව නොකරන බව සහතික කිරීම සඳහා දින තුන තුළ දීසි 2,500 ක් පමණ පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
දින 3 කට සැකසුනු මෙම විවාහ උත්සවයේ විවිධ තේමා සහ ඇඳුම් පැළඳුම් ඇති අතර,අද පළමු දිනයට 'An Evening is Everland' (මාර්තු 1) නමින් තේමාවකින් සියල්ල පිරිනමන බව දන්වා ඇත.