Deshabandus-appointment-as-IGP-challenged-before-Supreme-Court

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සජබ ගොනු කර තිබේ.
 
සමගි ජන බලවේගයට අනුබද්ධ දූෂණ විරෝධී ව්‍යාපාරය මෙම පෙත්සම ගොනු කළේ අභිනවයෙන් පත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොලිසියේ කිසිදු තනතුරක් ඇතුළු රාජ්‍ය නිලයක් දැරීමට නුසුදුසු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමිනි.



දූෂණ විරෝධී ව්‍යාපාරයේ කැඳවුම්කරු නිරෝෂන්  පාදුක්ක සහ කමිටු සාමාජික ආනන්ද පාලිත මෙම පෙත්සම ගොනු කළේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කරමිනි.
 
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පසුගිය පෙබරවාරි 27 වැනිදා ජනාධිපතිවරයා විසින් පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

මින් ඉහත වැඩබලන පොලිස්පති තනතුර ඔහුට ලබාදීමට විරුද්ධව පෙත්සම් ගොනු කළ නමුත් ඒවා විභාග වන අතරතුර ජනපති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස ස්ථිර කළේය.