මැතිව් පෙරීගේ සුළු පියා පවසා ඇත්තේ ඔක්තෝම්බර් මාසයේදී ඔහුගේ මරණයට පෙර මත් ද්‍රව්‍ය ඇබ්බැහි වීම සමඟ වසර ගණනාවක් තිස්සේ ඔහු සටන් කළ බවයි.
මැතිව් එන්බීසී රූපවාහිනී කතාමාලාවේ ෆ්‍රෙන්ඩ්ස් හි චැන්ඩ්ලර් බිං ලෙස රඟපෑම සඳහා ජාත්‍යන්තර කීර්තියක් ලබා ගත් පුද්ගලයෙකි.
මැතිව් ගේ සුළු පියා වූ කීත් මොරිසන් මෙම ප්‍රකාශය කරමින් වැඩි දුර පවසා සිටියේ ඔහුට කිසි විටෙකත් ඇබ්බැහිවීම පරාජය කිරීමට නොහැකි වූ බවයි.
ඔහුගේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය ගැන විවෘතව කතා කළ කීත් මොරිසන් මැතිව් ට අවුරුදු 54 වන විට,ඔහුගේ යම් යම් ශරීර සංවේදකයන් ප්‍රතිචාර නොදක්වන බව සොයාබත් බව පවසා ඇත.
ඔහුගේ මරණයට හේතු ලෙස කිරීටක ධමනි රෝග විශේෂ වූ අතර ketamine සහ buprenorphine වල ප්‍රතිවිපාක මරණ පරීක්ෂණ වාර්තාවේ ලැයිස්තුගත කර ඇත.
පෙරී "මාස 19 ක් හොදින් සිටි බව" වාර්තාවේ සඳහන් වේ. නමුත් ඔහු මානසික අවපීඩනයට සහ කාංසාවට ප්‍රතිකාර කිරීම සඳහා කෙටමින් ඉන්ෆියුෂන් ප්‍රතිකාරයක් මධ්‍යයේ සිටින බවද එහි සදහන්ව තිබිණ.
පෙරිට වයස අවුරුදු 12 ක් වන විටදී ඔහුගේ මව සුසෑන් සමඟ විවාහ වූ මොරිසන් මහතා පැවසුවේ මාස පහකට පමණ පෙර මියගිය පෙරීගේ අහිමිවීමේ ශෝකය සෑම දිනකම ඔහුව පිඩාවට පත් කරන බවයි.
ඇත්තෙන්ම මැතිව් පෙරීගේ ප්‍රතිභාව විදහා දැක්වූ friends කථාංගය බොහෝසෙයින් ජනප්‍රිය වුයේද ඔහු නිසාවෙනි.
ඩේට්ලයින් එන්බීසී වාර්තාකරු ශෝකී ස්වරයෙන් පවසා ඇත්තේ සැබවින්ම ඔහු ඉතා දක්ෂයෙකු බවත් ඔහුට ඔහුගේ තුන්වන ක්‍රියාව ලබා ගැනීමට නොහැකි වීම සාධාරණ නොවන බවත් කියා සිටීමෙනි.
76 හැවිරිදි මොරිසන් මහතා සමඟ සිදුකල මෙම සම්මුඛ සාකච්ඡාව ඔහුගේ සුළු පුත්‍රයාගේ මරණයෙන් පසු ඔහු විවෘතව අදහස් දැක්වූ පළමු අවස්ථාවද වී ඇත.
එසේම පෙරී මියගිය රාත්‍රියේ ඔහු තම බිරිඳ සමඟ පෙරීගේ නිවසට පැමිණෙන ආකාරය ඡායාරූපගත කර ඇත.
මොරිසන් මහතා පෙරීගේ මෙම හැසිරීම් අවම කිරීමට ඔහුට ආදරයෙන් කතා කල බව සිහිපත් කල අතර පෙරී එය ගණනකට නොගත් බවද සදහන් කර ඇත.
ඔහු පවසන විදියට පෙරී ඝෝෂාකාරී සහ ආක්‍රමණශීලී පුද්ගලයෙක් වූ නමුත් ඔවුනොවුන් අවබෝධයෙන් ඇසුරු කර ඇත.
ඔහු තවදුරටත් පවසා සිටියේ ඔහු කවදාවත් පෙරී ගේ පියා වෙනුවට ආදේශ කිරීමට උත්සාහ නොකළ බවත් , නමුත් පෙරී වෙනුවෙන් ඔහු එහි සිටි බවත් , එසේම ඔහු එය දැන සිටි බවත් ,ඔවුන් සමීපව කටයුතු කල බවත් ය.
මොරිසන් මහතාට අනුව, "මත්ද්‍රව්‍ය වලට තිබු ඉතා දරුණු" ඇබ්බැහි වීමක් සමඟ සටන් කිරීම පෙරීට නොහැකි වී ඇත.ඔහු පෙරී කවදා හෝ එය අතහරියි නවතයි යන අපේක්ෂාවෙන් පසු වූ බවද සදහන් කර ඇත.
නමුත් ඔහුම පැවසූ පරිදි, එම ඇබ්බැහිවීම නැවතෙනවා වෙනුවට දිගටම සිදු වන්නට වී ඇත.
කෙසේවෙතත් පෙරිගේ මරණයෙන් පසු, ඔහුගේ මව සහ සුළු පියා මෙවැනි ඇබ්බැහි වීමෙන් අරගල කරන අයට උපකාර කිරීම සඳහා මැතිව් පෙරී පදනම ආරම්භ කර ඇත.
0 Comments