
බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් මුල් කරගෙන එකිනෙක යාබද නිවෙස් දෙකක පදිංචිකරුවන් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තෙලිකඩ පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ ගෝනාපිනුවල, ගිනි මැල්ල ගහ බටහිර, දෙල්ගහ දුව වත්ත ලිපිනයේ පදිංචිව සිටි යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස රැකියාව කළ ලේල්කඩ බාලගේ දිනේෂ් ප්‍රසංග (34) යන අයයි.
එම ඝාතනය සම්බන්ධයෙන් යාබද නිවසේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය මගින් පහරදීමට යොදාගත් ගිනිසීරියා පොල්ලත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තත්ත්ව පාලකයකු ලෙස ක්‍රියා කරන්නෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ මෙන්ම සැකකරුගේ පියා හා මවද කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. ගැටුමින් මියගිය පුද්ගලයා රැකියාව නිමවා නිවසට පැමිණෙමින් සිටිය දී බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් මුල් කරගෙන බල්ලන් අයිති නිවසේ හිමිකරුට පොරවකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් විසින් ඔහුව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට කටයුතු කර තිබිණි.
මෙම ආරවුල අතරතුරදී තුවාලකරුගේ පුතුන් දෙදෙනකු විසින් මියගිය පුද්ගලයාගේ හිසට පොල්ලකින් පහර දී අනතුරුව ඔහුගේ බිරිඳට ද එම පොල්ලෙන් පහර දී තුවාල සිදුකර තිබූ අතර එම කාන්තාවගේ දෙමව්පියන් පැමිණ ඔවුන් දෙදෙනාව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි. එහිදී දිනේෂ් ප්‍රසංග යන අය දිනකට පසු මියගිය බව පොලිසිය කියයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තෙලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම - බිමල් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval