Snowfall-in-Pakistan-kills-at-least-35

පකිස්ථානයේ හදිසි හිමපතනය සහ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට  අවම වශයෙන් 35 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි
පකිස්ථානයේ සමහර ප්‍රදේශවලට මේ වන විට සිදුවන අනපේක්ෂිත හිම පතනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති බවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

මියගිය අය අතර ළමුන් 22 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙකුගේ නිවාස  නායයෑම් හේතුවෙන්  වැළලී ගොස් ඇති බව ආපදා කළමනාකරණ බලධාරීන් පවසා ඇත.

මෙම අයහපත් කාලගුණය පාකිස්තානයේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට බලපෑ අතර, එමගින් මාර්ග අවහිර වී නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.
 
මාර්තු මාසයේදී පකිස්ථානයේ කාලගුණය සාමාන්‍යයෙන් සෞම්‍ය වන අතර මෙම අනපේක්ෂිත හිම පතනයෙන් බොහෝ දෙනෙක් පුදුමයට පත්ව ඇත.



එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන Mushtaq Ali Shah පවසන්නේ මෙම අසාමාන්‍ය තත්ත්වය කාලගුණික විපර්යාසවලට හේතු වූ බවයි.

ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ " තත්පර කිහිපයක් පවතින සැහැල්ලු හිම කැට කුණාටුවක් පුදුමයට කරුණක් නොවන නමුත් එය විනාඩි 30 කට වඩා වැඩි කාලයක් පැවතීම අසාමාන්‍ය " වන බවයි.

BBC කාලගුණ විද්‍යාඥ Chris Fawkes පවසන්නේ  පසුගිය දිනවල සිට පවතින අධික ශීතල සහ  අධික හිම  ධාරානිපාත වර්ෂාවක් ගෙන දෙමින් බටහිර කැළඹීමක්  ඇති කර ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ වයඹදිග ඉන්දියාව හරහා  එය ගමන් කරන බවයි.

මෙමගින් එහි වැසියන්ද පුදුමයට පත්ව ඇති අතර වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ කිර්ක් දිස්ත්‍රික්කයේ පදිංචි හජිත් ෂා පැවසුවේ තමා මීට පෙර එක් වරක් පමණක් තම අසල්වැසි ප්‍රදේශයේ හිම පතනය අත්විඳ ඇති බවයි.



කෙසේනමුත් අධික වර්ෂාවෙන් අවම වශයෙන් නිවාස 150ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් 500කට අර්ධ හානි සිදුවී ඇත.

එය වැඩි වශයෙන්ම බලපා ඇත්තේ කයිබර් පක්තුන්ක්වා සහ western Balochistan වලට බව පළාතේ බලධාරීන්  පවසා ඇත.

තවද දින කිහිපයක සිට ඇතැම් දිස්ත්‍රික්කවල විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇත.

එසේම Khyber Pakhtunkhwa හි පළාත් රජය විපතට පත් ප්‍රදේශවලට සහන සැපයුම් ලබා දී ඇති අතර තුවාල ලැබූවන් සහ මියගිය අයගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ප්‍රකාශ කර ඇත.

කෙසේනමුත් පාකිස්තානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතිපතා අනාවැකි පුරෝකථනය කරමින් කියා සිටියේ බලුකිස්තානයේ සහ කාශ්මීරයේ සමහර ප්‍රදේශවල “කඳුකරයට ඉහළින් හිම පතනය” දැකගත හැකි වුවද, “ප්‍රධාන වශයෙන් සීතල සහ වියලි කාලගුණය” මේ සතියේ ඉතිරි කාලය සඳහා රටේ බොහෝ ප්‍රදේශවල අපේක්ෂා කළ හැකි බවයි.