The-father-took-care-of-the-girl-who-left-her--committed-adultery-22-to-jail

 පියා හැර ගිය බාල­ව­ය­ස්කාර තැනැ­ත්ති­යක් රැක­බලා ගැනීම සඳහා භාර ගෙන ඇය‍ ­දූ­ෂ­ණය කිරීම ඇතුළු චෝදනා තුන­කට වැරැ­දි­කරු වූ දෙදරු පිය­කුට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (20දා) බර­ප­තළ වැඩ ඇතිව වසර 22ක සිර­ද­ඬු­ව­මක් හා රුපි­යල් 50,000ක දඩ­යක් නියම කළේය.



විත්ති­කරු ඔහුට විරු­ද්ධව ඉදි­රි­පත්වූ අධි­චෝ­දනා සිය­ල්ල­ටම වර­ද­කරු කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා පළමු හා දෙවැනි චෝද­නා­වට බර­ප­තළ වැඩ සහි­තව වසර 10 බැගින් සිර­ද­ඬු­වම් හා රුපි­යල් 20,000 බැගින් දඩ මුදල් නියම කළේය. තුන්වැනි චෝද­නා­වට බර­ප­තළ වැඩ සහි­තව වසර 2ක සිර­ද­ඬු­ව­මක් හා රුපි­යල් 10,000ක දඩ මුද­ලක් නියම කර එය නොගෙ­වන්නේ නම්, එක් එක් චෝද­නා­වන්ට මාස 6 බැගින් ලිහිල් දඬු­වම් නියම කර එම සියලු සිර­ද­ඬු­වම් එක­වර ගෙවෙන ලෙස දඬු­වම් නියම කරන ලදි.

2013 හා 2014 අතර කාලය තුළදී බාල­ව­ය­ස්කාර තැනැ­ත්ති­යගේ භාර­කා­රී­ත්වය දර­මින් ඇය දූෂ­ණය කිරීම, ලිංගික බල­හ­ත්කා­රය ඇතුළු අධි චෝදනා 3ක් යටතේ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍ර­හයේ 345, 365 ඇතුළු වගන්ති යටතේ විත්ති­ක­රුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් නඩු පැව­රීම සිදු විය.



චුදිත වැරැ­දි­කරු කර ඔහුට එරෙ­හිව දඬු­වම් නියම කිරී­මට පෙර තිව්‍ර කාරක කරුණු ඉදි­රි­පත් කර­මින් රජයේ අධි­නී­තිඥ ඔස්වල්ඩ් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ සිදු­වන ස්ත්‍රී දූෂණ බොහො­ම­යක් සිදු වන්නේ සමීප ඥාතීන් අතින් බව කියා සිටි­යේය. එබැ­වින් ඒවා බොහො­ම­යක් ලජ්ජාව නිසා හෝ හෙළි­ද­රව් කිරී­මට ඇති අක­මැත්ත නිසා කාලයේ වැලි­ත­ලා­වට යටව යන බව ද කියා සිටින ලදි.

චුදිත තැනැත්තා වින්දිත දැරි­යට රැක­ව­ර­ණය සැප­යීමේ මුවා­වෙන්

ඇය කෙලෙ­සීම බල­වත් වර­දක් බවත් නීති­පති එදි­රිව රණ­සිංහ හා නීති­පති එදි­රිව මෙන්ඩිස් නඩු තීන්දු මඟින් එවැනි අව­ස්ථා­ව­ලදී උප­රිම දඬු­වම් නියම කිරීමේ අව­ශ්‍ය­තාව අව­ධා­ර­ණය කර ඇති බව උපුටා දක්වන ලදි.

(චන්දන ජය­වීර)