ampara-archiology

ඉපැරැණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවැසීය.මේවා ක්‍රිස්තු වර්ෂ 100 200, 300 - 400, 500 - 600 කාලවලට අයත් ඒවා බවද ඔහු සඳහන් කළේය.



පොතුවිල් බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරැණි බෞද්ධාරාමයක නෂ්ටාවශේෂ විසිර ඇති බවට හඳුනාගෙන ඇති ස්ථානයක පැරැණි සෙල්ලිපි හතරක් සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීම සඳහා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට ඉකුත්දා ගියහ.

මෙම සෙල් ලිපි මෙයට පෙර වාර්තා වී නොමැති හෙයින්, එහි අඩංගු කරුණු අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අදහස් කරන බවද ඔහු පැවසීය.පුරාවිද්‍යා නිලධාරීන්ගේ ගවේෂණයට ලක් නොවූ මෙම ස්ථානය සිංහ පර්වත විහාරය ලෙසින් හඳුනාගෙන ඇති අතර, පැරණි රජවරුන්ගේ වන්දනාමානයට ලක්වූ ස්ථානයක් බවටද තොරතුරු අනාවරණය වී ඇත.

 ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ