arjun-alosius-request-rejected

ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී රුපියල් කෝටි ගණනක වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂර්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන අර්ජුන ඇලෝසියස් මහතාට විදේශගත වීමට කළ ඉල්ලීම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් ඊයේ (21) ප්‍රතික්ෂේප කෙරිණි.



සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන සිය දරුවා බලා පැමිණීමට අවසර දෙන්නැයි අර්ජුන් ඇලෝසියස් මහතා කළ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි.මෝෂමකට අනුව මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා (සභාපති), නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) හමුවේ කැඳවන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී රුපියල් කෝටි 68ක වංචාවක් සිදු කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට

එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන සිය දරුවා බලා යළි පැමිණීමට තම සේවාදායකයාට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.එම ඉල්ලීමට අවසර දීම සභාපති විනිසුරු අමල් රණරාජා සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන මහත්වරු ප්‍රතික්ෂේප කළ අතර විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පමණක් එම ඉල්ලීමට අවසර දීමට එකගත්වය පළ කළේය.කෙසේ වුවත් බහුතර තීන්දුවෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.
මනෝප්‍රිය ගුණසේකර