ඔස්ට්‍රේලියාවේ ගංවතුරෙන් යටවූ ප්‍රදේශයක අතුරුදන් වූ පවුලක් දින තුනක සෝදිසි කිරීම්වලින් පසු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇත.
ඔවුන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක් වූ අතර බටහිර ඕස්ට්‍රේලියාවේ Kalgoorlie Boulder සිට Tjuntjuntjara දක්වා සැතපුම් 400ක් (650km) ගමන් කිරීමට සැලසුම් කරමින් ඉරිදා පිටත්ව ගොස් ඇත.
පැය 24ක් තුළ මාස හයකට වඩා වැඩි වර්ෂාපතනයක් අනපේක්ෂිතව ප්‍රදේශයට ලැබීමෙන් පසු ඔවුන්ගේ අනාරක්ෂිත බව වර්ධනය වන්නට පටන් ගෙන ඇත.
ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත්තේ වයස අවුරුදු හතේ සිට 17 දක්වා වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු සහ දරුවන් හතර දෙනෙකු රැගෙන යන ඔවුන්ගේ මෝටර් රථ දෙක මඩේ යට වන්නට ඇතැයි සිතන බවයි.
කෙසේවෙතත් ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් පැවසුවේ ඔවුන්ට කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.
Paupiyala Tjarutja ආදිවාසී සංස්ථාවේ ප්‍රධාන විධායක ජෝන් ලාර්ක් පවසා ඇත්තේ ඔවුන් තම ප්‍රජාවේ වැදගත් කොටසක් බවත් , ඔවුන් වැඩිහිටියන් සහ කලාකරුවන් වන බවත්,ඔවුන්ගේ පවුලේ අය මේ පිලිබදව දැනගැනීමෙන් ඉතා කනස්සල්ලට පත්ව සිටි"බවත් ය.
පවුල සොයා ගැනීම සදහා සිදුකල මූලික උත්සාහයන්ට කාලගුණය බාධාවක් වූ අතර ඒ මොහොත වන විටත් අධිවේගී මාර්ග ජලයෙන් යටවී නැගෙනහිර ප්‍රාන්තවලට ප්‍රධාන දුම්රිය මාර්ගයද වසා දමා තිබි ඇත.
ඒ අනුව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය අඟහරුවාදා සෝදිසි කිරීම අත්හිටුවන ලද අතර, ගෝල්ඩ්ෆීල්ඩ්ස් එස්පෙරන්ස් දිස්ත්‍රික් පරීක්ෂක මික් කෙලී ඩබ්ලිව්ඒ ටුඩේට පැවසුවේ පැයකට පසු ගුවන් සෝදිසි කිරීමද අත්හැර දැමූ බවයි.
නමුත් ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු පවුල සෙවීම බදාදා නැවත ආරම්භ කර ඇති අතර ,සෙවීම් සිදුකර පැය කිහිපයක් ඇතුළත පවුල සොයා ගෙන ඇත.
කෙසේනමුත් බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා ඇත්තේ ඔවුන් බේරා ගැනීමට ඔවුන් බලා සිටින අතරතුර සිදුවූ ආපදාව සදහා පවුලේ අයට ප්‍රතිපාදන සපයන බවයි.
0 Comments