badulla-train-incident
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.



එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර අතර එහිදී එම සංචාරකයින් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙයි.

දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් සහ දුම්රිය නියාමකවරයෙක් මෙම පහරදීම සිදු කර ඇත්තේ සංචාරකයින්ට ඉවත්ව යන ලෙස කළ දැනුම්දීම නොතකා ඔවුන් පළමු පන්තියේ ගමන් කළ නිසාය.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (05) මෙම සිද්ධියට මුහුණ දී ඇත.
නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයනන් දෙදෙනාට පහරදුන් දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට නියමව ඇති අතර ඒ පරීක්ෂණ අවසන් වනතුරු පහරදුන් අයගේ වැඩ තහනම් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.