bangladesh-fire-43-killed

බංගලාදේශයේ ඩකා අගනුවර තට්ටු හයකින් යුත් ගොඩනැගිල්ලක බ්‍රහස්පතින්දා දින ඇති වූ දැවැන්ත ගින්නකින් , අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් බොහෝ ගනනක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම ගින්න ආපන ශාලාවක හටගෙන ඇති අතර එය ඉක්මනින් අනෙකුත් මහල්වලට පැතිර ගිය බව ගිනි නිවන සේවා නිලධාරීහු පවසති.

අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 22 දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය සමන්ත ලාල් සෙන් ඩකා වාර්තාකරුවන්ට පැවසීය.

දරුණු පිලිස්සුම් තුවාල සහිතව ඇතුළත් කර ඇති 22 දෙනාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සෙන් වැඩිදුරටත් පැවසීය.



දිවි ගලවා ගත් මොහොමඩ් අල්තාෆ් පැවසුවේ, කැඩුණු ජනේලයක් හරහා ගමන් කිරීම නිසා තමා ගින්නෙන් යන්තම් බේරුණු බව විස්තර කළේය. නමුත් ඔහුගේ සගයන් දෙදෙනෙකු මිය ගිය බව ඔහු පවසයි.

ගිනි නිවන භටයින් දොඹකරයක් භාවිතා කරමින් ගිනිගත් ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් බේරා ගත් බව ගිනි නිවීමේ සේවා නිලධාරීහු පවසති.

බංගලාදේශ ගිනි නිවන සේවා සහ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මේන් උඩින් පැවසුවේ , ගින්න ගෑස් කාන්දුවකින් හෝ උදුනකින් හටගන්නට ඇති බවයි.

 2012 දී සහ 2013 දී ඇති වූ ගින්නකින් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් 1,200 කට වැඩි සංඛ්‍යාවක් මිය ගිය දා සිට,  බංග්ලාදේශය තුළ නිෂ්පාදනය කරන ප්‍රධාන ජාත්‍යන්තර ඇඳුම් සිල්ලර වෙළෙන්දන්ගේ තුළ පැවති දැඩි පරීක්ෂාව ,ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇති වීමට ගිය තවත් ව්‍යසනයන් වළක්වා ගැනීමට උපකාරී විය.

නමුත් අනෙකුත් කර්මාන්ත ආශ්‍රිතව මෑත වසරවලදී ඇති වූ ලැව් ගිනි හේතුවෙන් සිය ගණනක් මිය ගොස් ඇත.

බොහෝ විට නිසි ආරක්ෂක විධිවිධාන නොමැතිව ඉදිකරන ලද ඩකා හි ජනාකීර්ණ නව ගොඩනැගිලිවල  ගිනි ගැනීම් බහුලව දක්නට ලැබේ. දෝෂ සහිත ගෑස් සිලින්ඩර, වායු සමීකරණ සහ අයහපත් විදුලි රැහැන් හේතුවෙන් ගිනි හා පිපිරීම් සිදුවී ඇත.