barana-elephant-case

කලා­වැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේ­ශ­වල වසර ගණ­නා­වක් සැරි­ස­ර­මින් සිටි බරණ නමින් ප්‍රච­ලිත දළ ඇතාට විදු­ලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියේ සැක­කාර පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාට එරෙ­හිව චෝදනා ගොනු කිරී­මට අප­රා­ධයේ විම­ර්ශ­න­වල උද්ධෘත (සට­හන්) නීති­ප­ති­ව­රයා වෙත යොමු­ක­රන ලෙස කැකි­රාව දිසා විනි­සුරු සහ මහේ­ස්ත්‍රාත් සෙන­රත් බණ්ඩාර මහතා ගල්කි­රි­යා­ගම වන­ජීවී කාර්යා­ලයේ වන සත්ත්ව අඩවි සහ­කාර එච්.එම්. එස්. බණ්ඩාර මහ­තාට නියෝග කළේය.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධි­යට අදාළ නඩුව කැකි­රාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථා­වේ­දීය.

මෙම අප­රා­ධය සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ දැනට අධි­ක­රණ නියෝග මත ඇප මත මුදා හැර සිටින ප්‍රධාන සැක­කාර පොලිස් කොස්තා­ප­ල්ව­රයා ඇතුළු සෙසු සැක­ක­රු­වන්ගේ දුර­ක­තන සම්බ­න්ධ­යෙන් දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට මීට පෙර පෞද්ග­ලික දුර­ක­තන සමා­ගම් සිය­ල්ලෙහි කළ­ම­නා­කා­රි­ත්ව­යට අධි­ක­ර­ණය නියෝග කර තිබුණි.



විදු­ලිය සැර වද්දවා බරණ ඝාත­න­යට යොදා ගත් බවට සැක­කෙ­රෙන විදුලි රැහැන් ලංකා විදු­ලි­ය­බල මණ්ඩ­ලයේ විදුලි ඉංජි­නේ­රු­ව­රුන් මඟින් පරීක්ෂා කර ඊට අදාළ වාර්තාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට ද වන­ජීවී නිල­ධා­රීන්ට තව­දු­ට­රත් නියෝග කරනු ලැබීය.

බරණ දළ ඇතාට විදු­ලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ අධි­ක­රණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින මෙම අප­රා­ධයේ ප්‍රධාන සැක­කාර පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාගේ සේවය අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ නියෝ­ග­ය­කට අනුව මීට පෙර තහ­නම් කෙරිණ. පසුව විම­ර්ශ­න­ව­ලට යටත්ව ඔහු යළි සේවයේ පිහි­ට­වනු ලැබීය.

මෙම අප­රා­ධය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ ගල්කි­රි­යා­ගම පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවය කරන පොලිස් කොස්තා­පල් (51622) ජය­සු­න්දර හේරත් මුදි­ය­න්සේ­ලාගේ අජිත් කුමාර ජය­සු­න්දර යන අයයි.

බරණ දළ ඇතාගේ පශ්චාත් මරණ පරි­ක්ෂ­ණය පැවැත්වූ වන­ජීවී පශු වෛද්‍ය ඉසුරු හේවා­කෝ­ට්ටගේ මහතා ඇතාගේ මර­ණ­යට හේතුව ලෙස තහ­වුරු කර ගෙන ඇත්තේ විදු­ලිය සැර වැදී­මෙන් හෘද වස්තු­වට සිදුව ඇති බල­පෑම බවයි. විදු­ලිය සැර වද්දවා මරා දැමුණු බරණ දළ හස්ති­යාගේ වයස අවු­රුදු 30ක් පමණ වන බවත් බර­ණගේ උස අඩි නව­යක් පමණ වන බවත් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ වන­ජීවී පශු වෛද්‍ය ඉසුරු හේවා­කෝ­ට්ටගේ මහතා විසින් තව­දු­ර­ටත් තහ­වුරු කර ගැනිණ.



බරණ ඇතා අඩි හත­රක් පමණ දිග­කින් යුත් පිරි­පුන් දළ යුග­ල­කට හිමි­කම් කීය. ගල්කි­රි­යා­ගම වන­ජීවී කාර්යා­ලයේ වන සත්ත්ව අඩවි ආර­ක්ෂක ප්‍රේම­සිරි විතා­නගේ මහ­තාගේ උප­දෙස් මත වන සත්ත්ව අඩවි සහ­කාර එච්.එම්.එස්. බණ්ඩාර මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් බරණ ඝාතන සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

මෙම නඩුවේ ප්‍රධාන සැක­කාර පොලිස් කොස්තා­ප­ල්ව­රයා සහ ඔහුගේ ඇතැම් හිත­ව­තුන් විසින් නඩුවේ ප්‍රධාන සාක්ෂි­කා­රි­ය­කට බල­පෑම් කර­මින් සිටින බව පව­සන වන­ජීවී නිල­ධා­රීහු ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පැවැ­ත්වෙන බව ද කියයි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ­නා­යක ඕමල්පේ සෝභිත හිමි­යන් සභා­ප­ති­ත්වය දරන ස්වභාව ධර්මය සහ වන සතුන් උදෙසා සංවි­ධා­නය ද ජනා­ධි­පති නීතිඥ අනුර මැද්දේ­ගොඩ මහතා මගින් මෙම නඩු­වට අත­ර­මැදි පාර්ශ්ව­යක් ලෙස ඇතුළු වීමට අවැසි කට­යුතු සිදු කර­මින් සිටින බව සඳ­හන්ය.

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද