පසුගියදා බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණිමෙන් පසු ඔහුගේ අරමුණ ඉක්මණින් මහමැතිවරණයක් බවත් ජනපතිවරණයකට යාම පොහොට්ටුවට අවාසි බවත් ඔහු කියා තිබුණි.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමේ උපායක් ඔහු මේ වනවිට කල්පණා කර ඇති අතර එහි
පදනමක් ලෙස ගනිමින් කතානායකට එරෙහි ඉදිරියේදී පවත්වන්නට නියමිත විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ සමීපතමයින් රහස් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බව හෙළිවේ.
කතානායකවරයා ඔන්ලයින් පනත සම්මත කිරීමේදී අයථා ලෙස හැසිරුණ බව කියමින් විපක්ෂය ගෙනා
මෙම විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වෙනි දින විවාදයට ගන්නා අතර 20 වෙනි දින ඡන්දය විමසීමට නියමිත ය.
එහිදී කතානායක පරාජයට පත් කිරීම සඳහා මන්ත්රීවරුන් බහුතරය යොදා ගැනීමට බැසිල් රාජපක්ෂ කටයුතු සංවිධානය කරමින් සිටින බවට වාර්තා වේ. එම ප්රයත්නය සාර්ථක කර ගත හොත් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අත්සන් 113 ලබා ගැනීම වහාම ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ වනවිට බැසිල් රාජපක්ෂ සමග නාමල් රාජපක්ෂ ද මෙම මෙහෙයුමේ පුරෝගාමීන් ලෙස කරට කර ක්රියා කරමින් සිටින බව අනාවරණය වේ.
0 Comments