basil-speaks
මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත්තේය.





බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටියහ.
ගුවන්තොටුපළ වාර්තාකරුවන් හමුවේ ඔහු මෙසේ කීය.
“ වෙනසක් කරන්න අවශ්‍ය තැන්වල කරනවා. මං කොහොමත් දරුවන් සමග ගත කර එන්න යනවා.මේක එහෙම එකක්.  මේ දවස්වල දේශපාලනය ගැන කියනවනම් මේ වසරේ නිල වශයෙන් ජනාධිපතිවරණය තියන්නම ඕන.

ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසුරෙව්වොත් ඒකත් කරන්න පුළුවන්. මොන මැතිවරණෙ තිබ්බත් මං සංවිදානය කරනවා. කවුරු ආවත් පොහොට්ටුවේ සහයෝගයෙන් තමා දිනන්න වෙන්නෙ.
අපි තියපු හැම ඡන්දයක්ම දින්නා. දැනටත් දිනල ඉන්න පක්ෂයක්.
පොහොට්ටුව බෙදෙන එක මට ප්‍රශ්නයක් නෙමේ. කවදත් ඕක වෙනවා.
අපි කවදාවත් ජනතාව රවටලා නැහැ. සමහර තැන්වල වැරදිලා තියනවා. ඒවා නිවැරදි කරගෙන යනවා. ඊළඟ ජනපති අපේක්ෂකයා අපේ කෙනෙක්ද වෙන කෙනෙක්ද කියන එක පක්ෂය එකතුවෙලා තීන්දු කරනවා“