The-largest-Kataragama-temple-built-in-Umanda-at-a-cost-of-seven-crores-owned-by-Samantha-Bhadra

උමන්දාව කිව්වහම කාගේත් සිහියට එන්නේ මුලින්ම නිල් කරරොළු ව්‍යාපෘතිය.ඉන් පස්සේ  සමන්ත බද්‍ර හාමුදුරුවෝ.ඊටත්  පස්සේ උමන්දා පන්සලනේ .
කොහොම වුනත් සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේ අර්ථ ගැන්වීමට අනුව නම් උන්වහන්සේ  මේක හුදෙක් පන්සලක් විදියට හදුන්වනවට කිසිම කැමැත්තක් නැහැ.උන් වහන්සේ කියන්නේ උමන්දාව කියන්නේ සියලුම ජාතීන්ට,සියලුම ආගමිකයන්ට විවෘත වුන ජාතික පුස්තකාලයක් කියලා .එහෙමත් නැත්නම් විශ්ව ගම්මානයක් කියලා.විශේෂයෙන්ම උමන්දාව ඇතුළත බුද්ධ ප්‍රතිමා,චෛත්‍ය, ආසියාවේ දෙවැනි විශාල ප්‍රතිමා වගේම දෙවසංකල්පයත් තියෙනවා.ඉතින් වැඩි දුර අටුවා ටීකා නොකියා එහෙම  නිර්මාණය වෙලා තියෙන  උමන්දාවේ අලුතින්ම හැදුණු ලංකාවේ විශාලතම කතරගම දේවාලය ගැන කරුණු හොයාබලන්න අලුත් ලෝකය යූටියුබ් නාලිකාව කටයුතු කර තිබුණා. මේ ඒ ඇසුරින් ලබාගත් තොරතුරු එකතුවකි.

ඇත්තටම අද වෙනකොට බොහොමයක් දෙනා  අඩු වැඩි වශයෙන් පිළිගන්න ,හොයාබලන මේ දේව සංකල්පය ගැන සමන්ත බද්‍ර හාමුදුරුවෝ දරන්නේ නම් වෙනස්ම ආකල්පයක්.ඉතින් උන් වහන්සේ කිව්ව විදියට අපේ රටෙත් වෙනත් රටවලත්,අවුරුදු දාස් ගාණකට උඩදී පැවතුන රාජ පරම්පරා සියල්ලකම පාහේ මේ දෙවසංකල්පය තද බල ලෙස වැළදගෙන තිබුනා.මේ සංකල්ප වලින් පිට යමෙක්ට පැවැත්මක් නැති බවත් උන් වහන්සේ කියා සිටියා.උමන්දාවට ගිය අපිට විශේෂයෙන් සමන්ත බද්‍ර හාමුදුවන් විසින් ඉදිකළ මේ දේවාලේ කතරගම දෙවියන්ට පුද පූජා සත්කාර කරනවාට අමතරව දැකගත හැකි සුවිශේෂතා කිහිපයක් තිබුනා.ඒ තමයි උන්වහන්සේ ඒ දේවාලය තුළින් කළගුණ සැලකීම වගේම ජාතික යුතුකම් ටිකක් ඉටු කරලා තියෙන එක.



අලුතින් සැකසුන මේ දේවාලය ගැන  උන් වහන්සේනම් ප්‍රකාශ කලේ මෙහෙම අදහසක්.උන් වහන්සේ කියන විදියට මේක එක්තරා විදියක කලගුණ සැලකීමක්.ඒ කියන්නේ  අපේ රාජ පරම්පරාවේ ප්‍රධාන පුරුක වුන  පණ්ඩුකාභය රජතුමාගේ ආරක්ෂාවට වුන්නේ චිත්‍ර රාජායි ,කාලවේලයි දෙන්නානේ .මේ දෙන්නගේ මරණින් පස්සේ කාලයක් ගිහින් පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරේ රජ වුනාට පස්සේ ඒ දෙන්නාව සිහිපත් කරලා දේවාල දෙකක් හදවලා තියෙනවා.ඒ එතුමන්ගේ තිබ්බ මහා කාලගුණ සැලකීමේ ගුණය ඉස්මතු කරමින්.ඉතින් සමන්ත බද්‍ර හාමුදුරුවොත් ,මේ දෙන්නව අවුරුදු දෙදාස් හාරසිය ගානක් ගිහින් අමතකම වෙලා තියෙන වෙලාවක මේ ඉදිකරපු දේවාලේ ඇතුල්වීමේ දොරටුව අසල ඔවුන්  දෙන්නාගේ ප්‍රතිමා දෙකක් නිර්මාණය කරවන්න තීරණය කරලා .
මොකද අපේ උරුමය අපි කිසිලෙසකින්වත් අමතක නොකලයුතුයි යන මතයේ තමා සමන්ත බද්‍ර හාමුදුරුවො ඉන්නේ.ඊට පස්සේ උන් වහන්සේ ටිකින් ටික විස්තර කලේ දේවාලේ තියෙන අනිත් ප්‍රතිමා ගැන.මුලින්ම  ගජ වාහනෙන් කද සුරිදු වඩින හැටිත්,ඊට යටින් ගජ මුඛ සහ සිංහ මුඛ ප්‍රතිමා තියෙන හැටිත් ගැන උන්වහන්සේ  කිව්වා .තවත් දෙයක් මේ ප්‍රතිමා ගැන කතා කලොත් සුර්ය සංහාරයේදී සූර්‍ය පද්මන් මරන්න ලෑස්ති වෙනකොට සුර්ය පද්මන් තමන්ගේ වේශය  මාරු කරගත්තා කියනවා.එහෙම එක මාරුකරගත්ත වේශයක්  වෙන්නේ ගජමුඛ වේශය .ඊලග වේශය  තමයි සිංහමුඛ වේශය කියන්නේ.කොහොම වුනත් කද  සුරිදු මේ සියලු සතුරු බලමුළු විනාශ කලා කියලා  ඉතිහාසේ සදහන් වෙනවා .ඒ විතරක් නෙමේ කද සුරිදු මේ සතුරන් තමන් යටතේ තියාගත්තා කියලත් ඉතිහාසේ සදහන් වෙනවා.

ඊළගට අපි බැලුවේ  දේවාලේ තියෙන චිත්‍ර ගැන අහන්න.මොකද සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියන්නේ හොද වර්ණ සංයෝජකයෙක් කියලා අපි දන්නවනේ.ඉතින් උන් වහන්සේගෙන්ම උන් වහන්සේ නිර්මාණය කරපු  දේවාලේ චිත්‍ර ගැන ඇහුවම කිව්වේ  මේ දේවාලේ චිත්‍ර අදිනකන්ම බාසුන්නැහැ ළගට වෙලා මෙන්න මේ වර්ණය,මේ වර්ණය  යොදාගන්න කියලා  උපදෙස් දුන්නා කියලා.අනෙක් අතට උන් වහන්සේ කියන්නේනම් පන්සලේ හාමුදුරුවෝ බුද්ධිමත්නම් පන්සල ලස්සනවෙනවා කියලා .ඒ වගේම පන්සලේ හාමුදුරුවෝ අමු ගොනෙක් නම් පන්සල කැත වෙනවා කියලා .



ඉතින් කතාව එහෙම යනකොට අපිට හිතුනෙම තවත් ප්‍රශ්නයක් අහන්න.මොකද දැන් ඔය පන්සල් නම් හැමතැනකම ඉදිවෙනවනේ.එත් හදලා ඉවරවෙන පන්සල් හරි අඩුයි.හැබැයි සමන්ත බද්‍ර හාමුදුරුවෝ අතගහන දේ සාර්ථක වෙනවා කියලා අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා .මේ ගැනත් අපි උන්වහන්සේගෙන් ඇහුවා.එතකොට උන් වහන්සේ කිව්වේ සමන්ත බද්‍ර කියන්නේ වාලම්පුරියක් කියලයි.ඒ වගේම මේ වලම්පුරිය වට කරන් හක්ගෙඩි ලක්ෂ ගානක් තියෙනවා කියලයි.ඒ කියන්නේ  ඉතින් වක්‍රාකාරයෙන් උන් වහන්සේට උදව් කරන්න සැදැහැති ධනපතීන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වෙනවා කියන එක.

ඊළගට උන්වහන්සේම දේවාලයේ තියෙන තවත් සිතුවමක් පෙන්නලා හරි අපුරු කතාවක් කිව්වා.ඒ තමයි ළමයෙක්ට කොහොමද දෙයියෙක් වෙන්න පුළුවන් කියලා.දේවාල බිත්තියේ ඇද තිබුන ශිව දෙවි රූපයක් උන්වහනේ මේකට උවමක් කරගත්තා.
ඒ පින්තුරය නම් කරලා තිබ්බේ ශිව දෙවියන්ගේ නළල් ඇසින් ඉපදුනු ළමයි 6 දෙනා විදියට.ස්වාමින් වහන්සේ දේශනා කරන්නේනම් මේ දරුවන් හය දෙනා ඇස ,කණ ,නාසය,දිව,ශරීරය,මනස ලෙස උන්වහන්සේ දකිනවා කියලයි.ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහෙම බලනකොට මේ දේවාලේ ඇතුලේ නිකන් ඇදපු එකදු සිතුවමක්වත් නැහැ.මේ හය හරියට අවබෝධ කරගත්තාට පස්සේ කෙනෙක්ට නිවන සොයා ගත හැකි බව උන් වහන්සේ ඉතා සරලව අපට කිව්වා.

දක්ෂිනාවර්තව සිතුවම් ඇදලා තියෙන මේ දෙවොලේ ඊළගට පෙනුනේ  "බාල්ස්වාමි"සිතුවම. ඊලග  සිතුවම වුයේ  දණ්ඩා යුධ පාණි ගේ සිතුම.කොහොම වුනත් මේ සිතුවම් බලන අපිට නැගුනු අනෙක් ප්‍රශ්නය වුනේ කතරගම දෙවියන්ව මේ විදියට  හිතෙන හිතෙන ආකාරයෙන්  අදින්න ගත්තාම දෝෂාරෝපණයක් එන්නේ නැද්ද කියන  එක.

උන් වහන්සේ ඒකට සිනා මුසු මුහුණින්ම බොහොම සරල උත්තරක් දුන්නා.ඒ තමයි කෙනෙක් ඉන්න ඕන දෙවියන්ට අභියෝගකල හැකි මට්ටමක කියලා.ඉතින් එහෙව් මනුස්සයෙක් කාටද බයවෙන්නේ කියලා.
කොහොම වුනත් අපට ඊළගට දකින්න පුළුවන් වුනේ පාර්වතී මෑණියන්ගේ සිතුවම .උන් වහන්සේ කියන්නේ මේ ඉතිහාසගත කතාවම මිනිස්සුන්ට දැන  ගන්න බොහොම සරලව සිතුවම් වලින් මේ දේවාලේ ඉදිරිපත් කරලා තියෙනවා කියලයි.ඊලගට අපි දැක්කේ රාජාභරණයෙන් සැරසුන කතරගම දෙවියන්ගේ සිතුවම.එකේදිත් උන් වහන්සේ කිව්වේ  කතරගම දෙවියන්ගේ විවිධ ස්වරූප මේ විදියට  පෙන්වලා තියෙනවා කියලයි.

ශක්ති දර සිතුවම කියන්නෙත් කතරගම දෙවියන්ගේ තවත් වේශයක්.උන් වහන්සේ ඊළගට එහි සිතුවම් කරලා තිබ්බේ ඔය කියන සිතුවම.ඊට  අමතරව  පිලිවෙලින් දේවාල බිත්තියේ  සුර්ය පද්මන් දෙපළු කල විදිය,කතරගම දෙවියන් සිඛි වාහනයෙන් වඩින අයුරු,සුබ්‍රමනියම් වේශය,ශ්‍රී සරවනබව,තිරිචේන්දුරැ සිතුවම,සුබ්‍රමනියම් දෙවියෝ,ශම්මුග සිතුවම පෙනෙන්නට පෙනෙන්නට තිබ්බා.


ඊට  පස්සේ අපි  ඇතුළු වුනේ ඇතුල් දේවාලෙට ඒකෙ විවිධ ස්වරූප  අවතාර ගොඩක් දකින්නට පුළුවන් වුනා.විශේෂයෙන්ම දේවාලේ බස්නායක  නිළමේ දේවාලය  වෙනුවෙන් වෙන කැප කිරීම ස්වාමින්වහන්සේ  හුගක් වර්ණනා කළා.ඇතුල්  දේවාලේ ඇතුලත සම්පුර්ණයෙන්ම කතරගම දෙවියන්ගේ අවතාර වලින්ම සැකසිලා තිබුනා.ඒ අතර කැබිත්තේ දෙවියෝ,ගජවාහන දෙවියෝ,සුබ්‍රමනියම් දෙවියෝ මුලිකව පෙනෙන්නට තිබුනා.ඒ වගේම එකේ  තැන්පත් කරලා තියෙන  කතරගම දේව ප්‍රතිමාවේ මුහුණ සැකසීම සමන්ත බද්‍ර හාමුදුරුවන් අතින්ම සිදු කෙරු බවත් උන් වහන්සේ කියා සිටියා.ඒ ප්‍රතිමාවේ තිබුන විශේෂත්වය තමයි එකේ පසුබිමට  බොහොම සජීවී බවක් ආරෝපණය කරලා තියෙන එක.සරලව කිව්වොත් දෙවියෝ මනුස්සයාගේ දුක අහලා පොලවට වඩින ආකාරයක් ප්‍රතිමාවෙන් සහ අවට පරිසරයෙන් සජීවීව  ප්‍රකාශ වුනා.

මේ දේවාලේ තියෙන වැදගත්ම දේ තමයි කවුරු කොහොම කිව්වත් අතරමැදියෝ නැති එක .ඒ ගැන නිළමේ තුමා කිව්වේ හරි අපුරු කතාවක්.ඔහු කියනවා මේ වෙනකොටත් මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව සැකසීම ,තවත් ඇදවල් 500 ක් පුජා කිරීම ඔවුන් අතින්  සිදුවෙනවා කියලා.ඉතින් ඇත්තටම පින  කියන්නෙත් ප්‍රයෝගිකව ඒක තමයි නේද කියලා හොදට හිතලා බැලුවොත් ඔයාලටත් තේරේවි.
ඉතින් අවසන් වශයෙන් සුපුරුදු සිනහවකින් මුව සරසමින් සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ කිව්වේ මේ වෙනකොට රට ජාතියට අලුත් යුගයක් ඕන කියලයි.ඒ වගේම ඒ යුගය නිර්මාණය කරන්න දෙවිවරු සහ හැම කෙනෙක්ගෙම සහය අවශ්‍යයි කියලයි.ඒකට මේ ආකල්පීය  සැකසුම ඉවහල් වේවි කියලයි.

- සුබෝධා විජයකුමාර