Who-does-SriLankan-Air-sell-to-Even-though-he-was-going-to-make-a-decision-today-he-postpones-it

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා අද දිනයේදී ලංසු විවෘත කිරීම සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබූ නමුත් එය දින 45 කින් කල් දමා තිබේ.
අද උදෑසන 10 සිට සවස 2 දක්වා ලංසු කැඳවන්නටත් පස්වරු 2 වන විට ලංසු විවෘත කරන්නටත් නියමිතව තිබුණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා වන ලංසු කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බව ඇමති නිමල් සිරිපාල අද දිනයේ දන්වා තිබුනේ මේ අතරවාරයේය.


අද දින සිදුකිරීම නියමිතව තිබූ ලංසු කැඳවීම තවත් දින 45 කින් කල්දැමීමට කටයුතු කළ බවත්
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් බලාපොරොත්තු වන බව විෂභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ඩොලර් මිලියන 510 ක හිඟ ණය රජයට නැවත අයකර ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවද වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් තවත් මාස 06ක් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි .