හල්පෙ කටාන ගබඩාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා මිනිස් පාරිභෝජනයට නුසුදුසු ටූනා වර්ගයට අයත් මාළු කිලෝ එක් ලක්ෂ තිස් පන්දහසක පමණ ප්‍රමාණයක් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මියගේ නිරීක්ෂණය යටතේ කොච්චිකඩේ කසළ අංගණයේ දී පෙරේදා (04) භූමිතෙල් තෙල් දමා වළදමා විනාශ කරනු ලැබීය. හල්පෙ කටාන කුලියට මස් මාළු ගබඩා කරන ස්ථානයක විදේශ රටකින් ගෙන ආ බව කියන මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් අධිශීතකරණ තුළ ගබඩා කර ඇති බවට මීට වසර එකහමාරකට පමණ පෙර ලද තොරතුරකට අනුව
දිවුලපිටිය කෝන්ගොඩමුල්ල මහජන සෞඛ්‍ය පක්ෂක ආනන්ද සිරිවර්ධන මහතා ප්රමුඛ මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් පිරිසක් විසින් වැටලීම සිදු කොට අදාළ මාළු තොගය තිබූ අධිශීතකරණයට මුද්‍රා තබා පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.
මේ අතර අධිකරණ නියෝග පරිදි මාළු සාම්පල් නාරා ආයතනයට, රජයේ වෛද්‍ය රස පරීක්ෂකවරයාට හා පර්යේෂණ ආයතනයට පක්ෂණ සඳහා යවා තිබිණ.එම මාළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට පරීක්ෂණ වාර්තා එවා තිබුණත් මීගමුව ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් දෙදෙනා නිවැරැදි කරුවන් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් වසරක පමණ කාලයක් නඩුව විභාග කරන ලදී.
අවසානයේ ඔවුන් දෙදෙනා වරදකරුවන් බවට තීරණය කර එක් අයෙකුට රුපියල් දසදහස බැගින් දෙදෙනාට රුපියල් විසි දහසක දඩ නියම කර මාළු තොගය විනාශ කිරීමට නියෝග කරන ලදී. මේ අනුව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය හා එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.පී.අයි සෙනෙවිරත්න යන මහත්වරු ප්රමුඛ මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් පිරිසක් විසින් ලොරිවලින් එම මාළු තොගය කොච්චිකඩේ කසළ අංගණයට ප්‍රවාහනය කර බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන විශාල වළවල් කපා මාළු එම වළවල්වලට දමා අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඉදිරියේ භූමි තෙල් දමා විනාශ කර වළ දමනු ලැබීය.
වාරණ ආනන්ද ඉ ජයකොඩි
0 Comments