මෙම මළ සිරුර හමුවීම පසුපස ඇති කතාව අනාවරණය කරගෙන තිබෙන පොලිසියට ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගිය සොයුරියගේ සැමියා එනම් මස්සිනා කෙනෙකු ගැන සැකයක් පැනනැගී ඇත.
මෙසේ සොයා ගනු ලැබූවේ, කරන්දෙණිය මණ්ඩකන්ද තල්ගහවත්ත ප්රදේශයේ පදිංචි වන්නිආරච්චි කංකානම්ගේ හංසිකා නදීෂානි නමැති දාහත් හැවිරිදි අවිවාහක තරුණියකගේ මළ සිරුරකි.
ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබුණි.
ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමග ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව සඳහන් ය.
හංසිකාගේ පියා පවසන්නේ, පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
“23 ඇවිත් බලෙන් අරන් ගියා. අපි ගහලා අරගෙන ආවා.”
පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි ඔහු ඇය පසුගිය දිනක යළිත් රැගෙන ගොස් තිබේ.
ඝාතනයවූ වූ තරුණිය සිය සහෝදරියගේ සැමියා සමග මීට මාස හතරකට උඩදී පවුල් කෑම සදහා ඇල්පිටිය, තලාව පාර, නානායක්කාර ප්රදේශයේ කුලී නිවසකට ගොස් ඇති බවත් එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය උඩ ඝාතනයවූ තරුණියගේ මව ඇයගේ දැනුම්දීම මත ඇය විසූ කුලී නිවසට ගොස් කරන්දෙණිය මණ්ඩකන්ද තල්ගහවත්ත ප්රදේශයේ සිය නිවසට කැදවාගෙනවිත් ඇති බවත් පොලීසිය කියයි.
පසුව තරුණිය මාර්තු 6 වැනිදා තමාට සිය මස්සිනා අමානුෂිකව පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා තිබේ.
ඒ පැමිණිල්ල අනුව පොලීසියෙන් එය විභාග කිරීම මාර්තු 8 වැනිදා නියම කර තිබූ අතර මස්සිනා විසින් පැහැර ගෙන ගිය මේ තරුණිය පිළිබදව පොලීසිය හා ඥාතීන් සොයා බැලුවද ඒ පිළිබදව හෝඩුවාවක් නොලැබුණු පසු මස්සිනාට අයත් කේක් කඩයක සිට ඇය නිවසට ඇමතුමක් දී මවට තමා බේරාගන්න යයි පවසා ඇත. ඒ අනුව මව පැමිණ ඇයව ත්රීවීලරයක නංවාගෙන කේක් කඩයෙන් මුදවාගෙන පොලිසිය වෙත යාමට උත්සාහ කර තිබෙන අතර
ඇය සිය මව සමග ඒ සදහා යමින් සිටියදි ඇය සමග ඇසුරක් පැවැත්වූ මස්සිනා ඇයව ලුහුබැඳ තවත් ත්රීවීලරයක තවත් අයෙකු සමග පැමිණ මෙසේ පැහැර ගෙන ගොස් තිබෙන බව ද පොලීසිය කියයි.
තරුණිය වෙනත් ප්රදේශයකදී ඝාතනය කර බංගලාවත්ත තේ ඉඩමට ගෙනැත් දමා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වන්නේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි. තරුණියගේ ශරීරය පුරා කැපුම් තුවාල තිබෙන බවද ඇල්පිටිය පොලීසියේ ප්රකාශකයෙක් සදහන් කළේය.
ඇල්පිටිය වැඩ බලන මහේස්ත්රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂවක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය ඇල්පිටිය මූලික රෝහලට රැගෙන යෑමට නියෝග කර තිබේ.
ඝාතන සැකකරු මේ වනවිට අතුරුදන්ව සිටින අතර ඔහු සොයා මෙහෙයුම් ක්රියාත්මකය.
0 Comments