අම්පාර පොතුවිල් අරුගම්බේ සංචාරක කලාපයේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක කපා කොටා ඝාතනය කර පිරිමි පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
අරුගම්බේ සංචාරක කලාපයේ හෝටල් කාමරයක මෙම යුවල නවාතැන් ගෙන සිටි බවත් ඔවුන් රැඳී සිටි කාමරයේ දොර විවෘත නොකිරීම හේතුවෙන් සැකපහල කළ හෝටල් කළමණාකරු පොලීසිය දැනුවත් කර දොර විවෘත කර ඇති අතර එහිදී කාන්තාව කැපුම් තුවාල ලබා මිය ගොස් සිටි බවත් ඇය සමඟ සිටි පුද්ගලයා නාන කාමරය තුළ ගෙල වැලලාගෙන සිටි බවත් පොලීසිය පවසයි.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 35 ක් වූ මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර පිරිමි පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන ඇත.
මොවුන් දෙදෙනා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අය බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙයි..
මෙම යුවළ ඊයේ (12) කාමරයක් වෙන්කරගෙන අදාළ හෝටලයට පැමිණ ඇති අතර පස්වරු 5 ට පමණ මළ සිරුරු හමු විය.
දෙදෙනා අතර සිදුවූ ආරවුලක් මත මම අපරාධයන් සිදුව ඇති බව පොලිසිය සැක පළ කරන අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
0 Comments