මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කිරීමට සමත්වූ මිස්ටර් ‘හව් සෑඩ්‘ යනු කවරෙක්ද? ඔහුගේ බිහිවීම කෙසේ සිදුවුනිද? යන්න ගැන මේවනවිට හෙළිදරව්වී තිබේ.
මෙම චරිතය මතුවන්නේ අවර ගණයේ කාමුක හැඟීම් මතුකරවනසුලු ව්‍යවහාරයකින් වචන උච්චාරණය කිරීමට දක්වන උත්සාහය සමගිනි.
ද්විත්ව අරුතක් ගෙන එන ලෙස වචන හසුරමින් කාමුකත්වය උත්සන්න කරවන කතාබහක් මතුකිරීමට මිස්ටර් ‘හව් සෑඩ්‘ සමත්ය.
ඔහුගේ පණිවිඩ තුළ ගන්නට දෙයක් නැත. එහිදී කෙරෙන්නේ ඉතා සරලව ‘වල් කම ප්‍රදර්ශනයක්‘ බවට විවේචන සිදුව ඇත.
කෙසේ වෙතත් මෙම ඉදිරිපත්කිරීම් මුල සිට අග දක්වා හොඳින් නැරඹීමට තරුණ පරපුර කැමතිය.‘ කරල නැද්ද‘ ‘ට්‍රයි කරල බලන්න‘,‘හව් සෑඩ්‘,‘ ආසයිනේ..‘ වචන මෙන්ම වචන අතර කාමුකත්වය මතුකරමින් ‘ස්...ස්ර්ස්‘ ලෙස කෙළ ඉරීම් සහිත මෙම ඉදිරිපත්කිරීම් වර්තමාන ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ශීඝ්‍ර යෙන් ජනප්‍රිය වූ අතර ඇතැමුන් ඔහු අනුකරණය කරමින් වෙනත් වැඩසටහන්වල කථාකරනුද දක්නට ලැබේ.
කෘත්‍රීම බුද්ධිය යටතේ බිහිව තිබෙන මුහුම්කරන මෘදුකාංගයක් උපයෝගයකින් සැබෑ පුද්ගල ඉදිරිපත්කිරීමක් නවීකරණය කර මෙම චරිතය බිහිකර ඇත. මෙම පුද්ගලයාගේ ඇස්, තොල් , නළල කථාබහ අතරදී යම් යම් වෙනස්කම් වලට ලක්වන්නේ ඒ නිසාය.
වාර්තාවන ආකාරයට මෙම මිස්ටර් ‘හව් සෑඩ්‘ යනු ඕස්ට්‍රෙලියාවේ වාසය කරන ජනක සෙනෙවිරත්නය. ඔහුගේ මුහුණ මුහුන් කර ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දුගේ මුහුණටය. කම්මුල් දෙකෙහි වළ ගැසීම්, විශාල තොල් හා අංග චලන ජනක-හරීන් එකතුවක් ලෙස මතුවේ. කටහඩ ජනකගේය.
නිරන්තරයෙන් ඕස්ට්‍රෙලියාවේ සංචාරය කරන හරීන් හා ජනක අතර සම්බන්ධය රහසකි. නමුත් මෙම මිස්ටර් ‘හව් සෑඩ්‘ බිහිකිරීම ඔවුන්ගේ කථාබහක ප්‍රතිඵලයක් වියහැකි බවට අනුමාන කළ හැකිය.
ශ්‍රී ලංකාවේ කෑම දියඇලි ජූස් ආදිය ප්‍රවර්ධනය කරන කථාබස් මෙම චරිතය හරහා ගොඩනැගෙන්නේද සංචාරක ඇමතිවරයාගේ අවශ්‍යතාවයට විය යුතුය. කෙසේ වෙතත් මෙය ‘ප්රවර්ධනයක්‘ ලෙස හඳුනාගන්නට අපහසු අතර කාමුක අදහස් කෙරෙහි ලබාගන්නා ‘අනවශ්‍ය අවධානයක්‘ ලෙස පමණක් පෙන්නුම් කෙරේ.
ඇරත් සංචාරය පිණිස ශ්‍රී ලංකාවේ සෞන්දර්යය ගැන ප්‍රවර්ධනය ඉලක්ක විය යුත්තේ විදේශිකයන්ටය.
මේ චරිතය හරහා ප්‍රවර්ධනයට යොදාගන්නා නිෂ්පාදන හෝ සේවාවන් කෙරෙහි විශ්වාසයක් ගොඩනගාගන්නට අපහසුවන්නේ ‘සිංහල කාමුක චැට්‘ එකකට එහා දෙයකට එය නොයන නිසාය.
ශ්‍රී ලංකාවට පැමිණියාය කියන ජනක සෙනෙවිරත්න හා ඇමති හරීන් ප්‍රනාන්දු එක්ව පළකර තිබෙන වීඩියෝව හරීන්ගේ මාධ්‍ය ඒකකය මගින් නැවත පළ කර ඇති අතර එය පහතින් දැක්වෙයි.
0 Comments