13-of-our-cooks-to-cook-for-Ambanis-sons-wedding

 ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාලපුත්වූනත්අම්බානි මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවෙන් සුපවේදීන් 13 දෙනකු තෝරාගෙන තිබූ අතර පිරිස එම කටයුතු නිමා කර ඊයේ (7) උදෑසන යළිත් දිවයිනට පැමිණියහ.මෙම දහතුන් දෙනාම ‘සිට්‍රස්' (Citrus) හෝටල් සමූහයට අයත් කොළඹ සිට්‍රස් හෝටලයේ සිලෝන් කරි ක්ලබ් (Ceylon Curry Club) අවන්හලේ සුපවේදීය.  මේ පිරිසට සූපවේදිනයක ද ඇතුළත් වූවාය.

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබිණි. මෙම ශ්‍රී ලාංකික සූපවේදීන්එම උත්සවයේ දී ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන, නවතම ක්‍රමවලට පිළියෙළ කර පිරිනැමීමට කටයුතු කර තිබිණි. ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට ඉකුත් 3 වැනිදා එම විවාහ මංගල්‍යයට සහභාගි වූ පිරිසට දිවා ආහාර පිළියෙළ කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර ඔවුන් පිළියෙළ කළ ආහාර වලට ලැබුණු ප්‍රතිචාර හා පැසසුම් මත 3 වැනිදා හා 4 වැනිදා අතිරේක දින ලෙස උත්සවයේ රාත්‍රී ආහාර ද පිළියෙළ කිරීමේ අවස්ථාව හිමි වී තිබුණේය.



මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ‘ජාම්’ නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක පැවැත්විණි.විවාහ මංගල උත්සවයට ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට අමතරව එංගලන්තය, ඩුබායි. චීනය සහ ඉන්දියාවේ සූපවේදීහු පිරිස් ද කැඳවනු ලැබ සිටියහ. ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන මෙම සූපවේදීහු පිරිස ඊයේ (7) උදෑසන 6.20 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන්  සේවයේ යූ.එල්-142 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.
ටී.කේ.ජී. කපිල