මේ රට වෙසෙන ඉහළ වත්කම් ඇති සුපිරි ධනවතුන් සිය දෙනකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.එම සුපිරි ධනවතුන් 100 දෙනා මෙතෙක් කල් නිසියාකාරව බදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින්
ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
මෙරට වෙසෙන සුපිරි ධනවතුන්ගෙන් නිසියාකාරව බදු අයකර ගැනීම සඳහා ඉහළ ආදායම් සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය පිහිටුවා ඇති අතර ඊට විශේෂඥයන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අනුයුක්ත කර සිටින බවද චන්ද්‍රසේකර මහත්මිය කීවාය. මෙම කාර්යාලය මගින් මේ රට වෙසෙන සුපිරි ධනවත් පුද්ගලයන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා ඔවුන් නිසියාකාරව බදු ගෙවීම සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් විදේශ රටවල මුදල් සඟවා තිබේදැයි නිරන්තරයෙන් සොයා බලන අතර ඒ සඳහා විදේශ වත්කම් ඇතුළු ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳවත් ඔවුන්ගේ විදේශ බැංකු පිළිබඳවත් තොරතුරු හෙළි කර ගැනීමට ක්‍රමවේ ද අනුගමනය කරන බව ද
දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු ගොනු පිළිබඳව දැඩි පාලන ක්‍රියාවලියක් ස්ථාපනය කර තිබෙන අතර ඒ සඳහා එම බදු ගොනු සම්බන්ධ තීරණ ගැනීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් නිලධාරියකුගෙන් සමන්විත උපදේශන කමිටුවක් ස්ථාපිත කර තිබෙන බව ද කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
රංජන් කස්තුරි
0 Comments