A-lone-whale-can-kill-a-white-shark-in-less-than-two-minutes

මිනි මරු තල්මසුන් දෙදෙනෙක් 2017 සිට දකුණු අප්‍රිකානු වෙරළ තීරයේ  සුදු මොරන්  මරා දමමින් සිට ඇති බව වාර්තා වේ.



විද්‍යාඥයන් ඔවුන් එසේ හැසිරීමට හේතු සොයාබලමින් සිටින අතර කේප් ටවුන් අවට වෙරළ තීරයේ සමහර ප්‍රදේශවලින් මෝරුන් පලවා හැර ඇත.

පසුගිය වසරේ මිනිත්තු දෙකක කාල රාමුවක් තුළ මීටර් 2.5 (අඩි 8.2) තරුණ සුදු මෝරෙකු  මරා දැමූ දඩයම්කරුවන්ගෙන් එක් අයෙකු විද්‍යාඥයින් දැක ඇත.

ඉතාලියේ මෝරුන් අධ්‍යයන මධ්‍යස්ථානයේ සහ සියෙනා විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ප්‍රීමෝ මිකරෙලි පවසා ඇත්තේ දකුණු අප්‍රිකාවේ දශක දෙකකට වැඩි කාලයක් වාර්ෂිකව සිදු කළ සංචාරවලදී, මෙම මිනීමරු තල්මසුන් දේශීය සුදු මෝර ගහනය මත ඇති කරන ප්‍රබල බලපෑම  ඔහු නිරීක්ෂණය කල බවයි.

එම තල්මස් විශේෂය ස්ටාර්බෝඩ්  ලෙස හැදින්වූ අතර ඔහු පවසන්නේ ඔවුන් මුහුදේ යාත්‍රා කරමින් සිටිද්දී මෙම තල්මස් විශේෂය මෝරෙකුගේ අක්මාවක් රැගෙන යනු  බවයි.



 මිකරෙලි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම විලෝපිකයන් කෙරෙහි ඔහුගේ  විස්මය නොතකා, වෙරළබඩ සමුද්‍ර පරිසර සමතුලිතතාවය ගැන ඔහු  වැඩි වැඩියෙන් සැලකිලිමත් වන බවයි.

පර්යේෂකයන් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක වාර්තා කළේ ඔර්කාස්, ඉහළ බුද්ධිමත් සහ සමාජීය සතුන් සඳහා විශාල සතුන් තනි තනිව දඩයම් කිරීම පෙර නොවූ විරූ දෙයක් නොවන බවත්,නමුත් එය ලොව විශාලතම විලෝපිකයන්ගෙන් එකක් වන මහා සුදු මෝරා සම්බන්ධ පළමු සිදුවීම වන බවත් ය.

ආචාර්ය උපාධි පර්යේෂකයෙකු වන ඇලිසන් ටවුන්ර් පවසන්නේ ඕර්කාස් අතර බහුලව නිරීක්ෂණය වූ  දඩයම් හැසිරීම් සමඟ ස්ටාර්බෝඩ්ගේ ඝාතනය පරස්පර බවයි.

වසර 17 ක් තිස්සේ මහා සුදු මෝරුන් අධ්‍යයනය කර ඇති ටවුන්ර් පැවසුවේ මෙම දර්ශනයෙන් අවම වශයෙන් එක් මිනීමරු තල්මසෙකු ගේ දඩයම් කිරීම පිළිබඳ සාක්ෂි හෙළි වූ අතර එය සාම්ප්‍රදායික දඩයම් හැසිරීම් වලට අභියෝග කරන බවයි.

එසේම ටවුනර් පවසන්නේ මෙම මෝරුන් දඩයම් කරන මිනීමරු තල්මසුන්ගේ පැමිණීම පුළුල් පරිසර පද්ධති ගතිකතාවයන් සමඟ සම්බන්ධ විය හැකි බවයි.

තවද මෙම සංසිද්ධියෙහි ශීඝ්‍ර වර්ධනයන්, විද්‍යාවට වේගයෙන් ඉදිරියට යාම අභියෝගාත්මක කරන බවද පවසා ඇත.

සිදුවීමට අනුව 2023 ජුනි 18 වන දින, කේප් ටවුන් සිට කිලෝමීටර් 400 ක් (සැතපුම් 250 ක්) නැගෙනහිරින් මොසෙල් බොක්ක අසල සීල් දූපතට ආසන්නයේ මුහුදු වෙරළේ මීටර් 800 ක් (යාර 875 ක්) - යාත්‍රා දෙකක මිනිසුන් ඔර්කාස් නිරීක්ෂණය කරමින් සිට ඇත.

එසේ පැමිණ පැයක් යන්නට මත්තෙන්, මෝරෙකු මතුපිට අසල දිස් වූ අතර, පර්යේෂකයන්, සංචාරකයින් සහ නැවේ සිටි අනෙක් අය ස්ටාර්බෝඩ් විසින් මෝරෙකුගේ වම් පපුවේ වරලෙන් අල්ලාගෙන “මෝරා සමඟ කිහිප වතාවක් ඉදිරියට තල්ලු කර අවසානයේ ගොදුරු කරගත් බව දැක ඇත.



කෙසේනමුත් මෙම මිනීමරු තල්මසුන්  දෙදෙනා අධ්‍යයනයේ කතුවරුන් අතර ප්‍රසිද්ධියක් උසුලන අතර වසර ගණනාවක් තිස්සේ මහා සුදු මෝරුන් දඩයම් කිරීම හා මරා දැමීමේ නිරතව සිටිති.

ඔවුන්ගේ නිරීක්ෂණ අනුව ඔර්කාස්ගේ පෘෂ්ඨීය වරල් ප්රතිවිරුද්ධ දිශාවට නැවී ඇත.

එසේම ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ නැමීබියාව දක්වා විශාල දුරක් ගමන් කරන අතර පර්යේෂකයන් සැක කරන්නේ ඔවුන් ප්‍රථම වරට  සුදු මෝරෙකු  ඉලක්ක කර ගැනීමට පටන් ගත්තේ 2015 දී බවයි. එසේම  2022 ගුවන් දර්ශන මගින් ඔර්කාස් මහා සුදු මෝරෙකු මරා දමන ආකාරය ප්‍රථම වරට ග්‍රහණය කර ගත් බවද  ටවුන්ර් පවසා ඇත.

තවද මෙම ගතිකත්වයන් සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීමට අමතර පර්යේෂණ සහ අරමුදල් අවශ්‍ය වන බව ටවුනර් පවසා ඇත.

එසේම ඔවුන්  පැමිණියේ කොහෙන්ද යන්න පිළිබඳව තවමත් පිළිතුරු නොමැති බවද සදහන්ව ඇත.

මිනීමරු ඕර්කාස් විශාල සුදු මෝර ගහනය බිය ගන්වයි, නමුත් පර්යේෂකයන් මෝරුන් නැවත ස්ථානගත කරන්නේ කොහේදැයි නොදනී. යන්න ටවුනර් වැඩි දුරටත් සදහන් කර ඇත.

වැඩිහිටි සුදු මෝරෙකුගේ  උපරිම දිග මීටර් 6.5 (අඩි 21.3) සහ ස්කන්ධය ටොන් 2.5 කි.



ප්‍රහාරයේ වේගවත් බව විලෝපිකයෙකු ලෙස ස්ටාර්බෝඩ්ගේ දක්ෂතාවය සහ කාර්යක්ෂමතාව පිළිබිඹු කරන බව පර්යේක්ෂකයන් පවසා ඇත.

ටවුන්ර් විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කරමින් කියා සිට ඇත්තේ මෙම මිනීමරු තල්මසා වඩාත් සංකීර්ණ වී ඇති බව ඔවුනට  අනුමාන කළ නොහැකි නමුත් ඔහු මෝරා මරා දැමූ වේගවත් කාල රාමුව ඇදහිය නොහැකි දක්ෂතාවයක් සහ ප්‍රවීණතාවයක් පෙන්නුම් කරන බව පවසා ඇත.

මෙහිදී මහා සුදු මොරන්ගේ  අක්මාව විශාල අවයවයක්  වන අතර ඔවුන්ගේ ශරීර ස්කන්ධයෙන් තුනෙන් එකක් පමණ ලිපිඩ වලින් පිරි තිබෙයි.

මුහුදු සෙවුම් පර්යේෂණ සහ සංරක්ෂණයේ ආරම්භක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විද්‍යාඥ සහ දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බෝෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ආචාර්ය සයිමන් එල්වන් පවසන්නේ මෙහි වාර්තා කර ඇති නිරීක්ෂණ මෙම ඝාතක තල්මසුන් දෙදෙනාගේ සිත් ඇදගන්නාසුළු කතාවට සහ ඔවුන්ගේ හැකියාවන්ට  අනුව තවත් ස්ථර එකතු කරන බවත්,බුද්ධිමත්, ඉහළම විලෝපිකයන් ලෙස, මිනීමරු තල්මසුන්ට තනිවම හෝ වෙනත් අයගෙන් දඩයම් කිරීමේ ක්‍රම වේගයෙන් ඉගෙන ගත හැකි බවත් ප්‍රධාන වන බව පවසයි.