වියට්නාමයේ ජනාධිපති වොවෑන් තොන්ග් Vo Van Thuong වසරක ධුර කාලයකින් පසුව ඉල්ලා අස්වී ඇත.
බදාදා පැවති පාලක කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමකින් පසු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු පක්ෂ නීති කඩ කර ඇති බවත්, එය එහි කීර්ති නාමයට අහිතකර ලෙස බලපා ඇති බවත් ය.
තුඕං මහතා සිය උපන් පළාතේ දූෂණ වංචාවකට සම්බන්ධකම් හේතුවෙන් ඉල්ලා අස්වී ඇතැයි විශ්වාස කෙරේ.
ඔහු ජනාධිපති ලෙසින් පත් වුයේ පසුගිය වසරේ දූෂණය හේතුවෙන් බලයෙන් ඉවත් වීමට සිදුවූ තවත් ජනාධිපතිවරයෙකු වෙනුවට ය.
එසේම වියට්නාමයේ නායකත්වයේ වෙනස්කම් සාමාන්‍යයෙන් ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද ඒවාය.
ඒ අනුව වසරකට වැඩි කාලයක් තුළ ජනාධිපතිවරුන් දෙදෙනෙකු අහිමි වීම සහ දූෂණ වංචා දෙකෙන්ම පෙන්නුම් කරන්නේ රටේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයේ ආවේණික වී ඇති ක්‍රියාපටිපාටිය සමඟ කටයුතු කිරීම කොමියුනිස්ට් පක්ෂයට දුෂ්කර වී ඇති බවයි.
ජනාධිපතිවරයා යනු එරට දේශපාලනයේ ඉහළින්ම සිටින "කුළුණු හතරෙන්" එකකි. එසේම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා තනතුරු හතරෙන් බලවත්ම පුද්ගලයාද වෙයි.
පසුගිය වසරේ ඔහු තේරී පත් වූ විට, Vo Van Thuong දුෂණයට එරෙහි ව්‍යාපාරයට නායකත්වය දුන් බලගතු පක්ෂ ප්‍රධානියා වන Nguyen Phu Trong ගේ අනුගාමිකයෙකු වීමේ වාසිය ඔහුට හිමි වූ අතර දක්ෂ හා සාපේක්ෂව තරුණ ජනාධිපතිවරයෙකු ලෙස එකල ඔහු ප්‍රසිද්ධ වී ඇත.
දැන්, ඔහුගේ පූර්වගාමියා වූ Nguyen Xuan Phuc මෙන්, Thuong මහතාට ද ඔහුගේ උපන් පළාතේ සිදු වූ අපකීර්තියක් සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමට බල කෙරී ඇත.
එසේම Thuong මහතාගේ ඉල්ලා අස්වීම සඳහා බ්‍රහස්පතින්දා රැස්වන ජාතික සභාවේ විධිමත් අනුමැතිය අවශ්‍ය වෙයි.
තුඕං මහතා පක්ෂ ප්‍රධානියාව සිටියදී සේවය කළ මධ්‍යම වියට්නාමයේ ක්වාං එන්ගායි පළාතේ හිටපු නායකයෙකු දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය දින කිහිපයකට පෙර නිවේදනය කර ඇත.
කෙසේවෙතත් තුඕං මහතා දූෂණ චෝදනා මත රැකියා අහිමි වූ සහ සිරගත වූ වියට්නාම නිලධාරීන් සහ ව්‍යාපාරික පුද්ගලයින් මාලාවේ නවතම පුද්ගලයා පමණි.
වියට්නාමයේ ධනවත්ම දේපල අධිපතීන්ගෙන් අයෙකුට දැනට නඩු විභාග වෙමින් පවතින අතර ඩොලර් බිලියන 12 ක බැංකු වංචාවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට මුහුණ දීමට ඔහුට සිදුවී ඇත.
තවද දූෂණ විරෝධී ව්‍යාපාරය කොපමණ දුරකට ගමන් කරයිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයක මේ මොහොතේ පසුවන අතර එය පක්ෂයේ කීර්ති නාමයට සහ නායකත්වයටකර ඇති බලපෑම සුළු පටු නොවනු ඇත.
කෙසේවෙතත් මෙම සිදුවීම් තුලින් වියට්නාමය සිය ආකර්ෂණීය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට යැපෙන විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමිය හැකිය.
0 Comments