Aboriginal Australian rugby star has moved to America and is dismayed by racist slurs

ලාස් වේගාස් හි පැවති උණුසුම් තරඟයක් අතරතුර දී  ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු තමාට වාර්ගික අපවාදයක් සිදු කළ බවට ආදිවාසී ඕස්ට්‍රේලියානු රග්බි ලීග් තරුවක් චෝදනා කර තිබේ.



බ්‍රිස්බේන් බ්‍රොන්කොස්ගේ එස්රා මාම් වන මෙම ආදිවාසී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා පවසන්නේ , ප්‍රතිවාදී ස්පෙන්සර් ලෙනියු තමාව "වඳුරෙකු" ලෙස හැඳින්වූ බවයි.

තරඟයෙන් පසු පැමිණිල්ල ගැන විමසූ විට Sydney Roosters ප්‍රොප් පැවසුවේ,  "කිසිවක් සිදුවී නොමැති බවත් ,

ඒ සියල්ල ක්‍රීඩා පිටියේ විනෝදයක් පමණක් වූ බවත්ය.  

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමූහයා,  ජාතිවාදී අපයෝජන රැල්ලක් සමඟ පොරබදමින් සිටින නමුත් ක්‍රීඩකයින් අතර මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක් නොවේ.

ජාතික රග්බි ලීගයේ (NRL) නිලධාරීන් මෙම ප්‍රකාශය පිළිබදව විමර්ශනය කරයි.

ඕස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ තරගයට එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් පොළඹවා ගැනීම අරමුණු කරගත් මාර්කිව් වටයක කොටසක් ලෙස කණ්ඩායම් දෙක සෙනසුරාදා තරග වැදුණි.

බ්‍රොන්කොස් කණ්ඩායම  20-10ක් ලෙස පරාජයට පත් වූ මෙම ක්‍රීඩාවලිය අතරතුර,  මාම් ක්‍රීඩකයා විසින් විනිසුරුවරයාට මෙම අපහාසය ගැන පවසා ඇත.

විනිසුරුවරයා පැවසුවේ ඔහුට නිසියාකාරව ඇසුණේ නැති නමුත් මාම්ගේ ඉල්ලීම දෙස බලන විට එය විධිමත් පැමිණිල්ලක් වන බව පෙනී ගිය බවයි.



ක්‍රීඩාවේ චර්යා සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් ලෙනියු ට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුට අධිකරණ මණ්ඩලයකට මුහුණ දීමට සිදුවනු ඇත. එහි දී සාක්ෂි විභාග කරනු ඇති අතර දඩ සහ තරඟ තහනම් කිරීම් ඇතුළු දඬුවම් පැනවිය හැකිය.

ක්‍රීඩාවෙන් පසුව බ්‍රොන්කොස් කණ්ඩායමේ පුහුණුකරු වන කෙවින් වෝල්ටර්ස් පැවසුවේ, මෙම සිදුවීමේ දී මාම් "ඉතාම කලබල වූ" බවයි.

පසුව දෙපාර්ශ්වයේම නවාතැන් ගෙන සිටි හෝටලයේ කොරිඩෝවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාම්ගේ කණ්ඩායමේ සගයන් විසින් ලෙනියු සමඟ වාචික ආරවුලක් ඇති කරගත් බව ද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෑත වසරවලදී, ප්‍රේක්ෂකයින් විසින් ක්‍රීඩකයින් වෙත එල්ල කරන ලද ජාතිවාදී අපයෝජනයන් විසඳීමට NRL අරගල කර ඇත.

South Sydney Rabbitohs හී තරුව වන Latrell Mitchell ඇතුළු ක්‍රීඩකයින් අන්තර්ජාලයෙන් සහ ක්‍රීඩා වලදී නිතිපතා vitriol වාර්තා කර ඇත.

Mitchell විසින් ඉරිදා ඉන්ස්ටග්‍රෑම් හී ප්‍රකාශයක් පළ කරමින් පැවසුවේ,  මාම්ට සහය දක්වන බවත් , ලීග් නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින බවත්ය.

ක්‍රීඩාවෙන් ජාතිවාදය තුරන් කිරීමට NRL නායකයින් ප්‍රතිඥා දී ඇති අතර, ක්‍රීඩකයින්ට වාර්ගිකව අපයෝජනය කරන හෝ තර්ජනය කරන ඕනෑම අයෙකු පොලිසියට වාර්තා කරන බව පවසති.