ලෝක බැංකුව 2024 වර්ෂය වෙනු­වෙන් සංවි­ධාන කළ ජාත්‍ය­න්තර සමු­ළු­ව­කට සහ­භාගී වීම සඳහා පසු­ගිය 17 වෙනිදා තමන් අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ වොෂි­න්ටන් නුවර ගුවන් තොටු­පොළ වෙත ගොඩ බැස්ස විට තමා හමු­වට පැමිණි එරට ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා, කථා­නා­ය­ක­ව­ර­යාට එරෙ­හිව පව­තින විශ්වා­ස­භංග යෝජ­නා­වට එරෙ­හිව ඡන්දය ලබා දීම සඳහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමි­ණෙන ලෙස ජනා­ධි­ප­ති­තුමා විසින් දැනුම් දීමක් සිදු කර ඇතැයි පැව­සීම හේතු­වෙන් තමන් මෙසේ ආපසු පැමිණි බව ප්‍රවා­හන මහා මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා කටු­නා­යක ගුවන් තොටු­පොළේ දී ඊයේ (20) පැවැ­සීය.



තමන් සහ­භාගී වීමට තිබූ සමු­ළු­වට සහ­භාගී වීම සඳහා අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා වෙත බල­තල පවරා මෙසේ තමන් ආපසු පැමිණි බවත් අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

ව්‍යව­ස්ථා­දා­යක සභාවේ ප්‍රධා­නියා වන කථා­නා­ය­ක­ව­ර­යාට එරෙ­හිව විශ්වා­ස­භංග යෝජ­නා­වක් ඉදි­රි­පත් වී ඇති බවත්, එතුමා පසු­ගිය අර­ගලය අව­ස්ථාවේදී තීර­ණා­ත්මක වග­කී­මක් ඉටු කළ පුද්ග­ල­යකු බවත් අමා­ත්‍ය­ව­රයා එහි දී පැවැ­සීය. රට එම අව­ස්ථාවේ වෙනත් දිශා­න­ති­ය­කට හා මහත් විනා­ශ­ය­කට යාමෙන් වළකා එතුමා දූර­ද­ර්ශීව රටත් පාර්ලි­මේ­න්තු­වත් බේරා ගැනී­මට පරි­නත දේශ­පා­ල­න­ඥ­යකු වශ­යෙන්, පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙන් ඉටු කළ සේවය අගය කර,

කෘත­වේ­දි­ත්වයේ ඡන්දය ලබා දීම සඳහා තමන් ඇතුළු රජයේ වග­කීම වී ඇති බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය .

ප්‍රවා­හන මහා මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඊයේ (20) පස්වරු 06.15ට ඩුබායි සිට එමි­රේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබුණි.

(කටු­නා­යක ටී.කේ.ජී.කපිල)