They-came-to-build-tanks-and-caught-the-tortoise

 අනුරාධපුර කහටගස්දිගිලිය අඩවි වනජීවි නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මහා පරිමාණයෙන් සතුන් දඩයම් කර මස් පිණිස අලෙවි කළ දාහත් දෙනකු කහටගස්දිගිලිය වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම පිරිස විසින් දුර්ලභ ගණයට අයත් කිරි ඉබ්බන් තිදෙනකු හා ගල් ඉබ්බන් පස් දෙනකු දඩයම් කර තිබිණි.

කිඹුල්පැටියාව හුරුළු රක්ෂිත වනාන්තරයේ කරන ලද මෙහෙයුමක් අතරවාරේදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙසට අත්අඩංගුවට පත්ව ඇත්තේ වවුනියාව මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වන අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණයට පැමිණි උප කොන්ත්‍රාත් සමාගමක පිරිසක් බව අනාවරණය වී තිබිණි.

මෙසේ දඩයම් කරන ලද ඉබ්බන් ඝාතනය සඳහා සූදනම් කර තිබූ බවත් එම ඉබ්බන් අට දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවත් මේ වන විට අධිකරණ නියෝග මත හොරොව්පතාන රක්ෂිතයට මුදා හැරි බවත්

කහටගස්දිගිලිය බීට්ටු වන ජීවි නිලධාරී කාර්යාලයේ ප්‍රධාන නිලධාරි වනජීවි අඩවි ආරක්ෂක අරුණ දිසානායක පැවසුවේය.

සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මෙහෙයුම සඳහා කහටගස්දිගිලිය වනජීවි දෙපාර්තමේන්තු වන අඩවි සහකාර අරුණ දිසානායක, කේ.සී. අමරවංශ, එස්.ඒ.ටී. කරුණාරත්න, සී.බී. පියරත්න, ප්‍රසාද් සඳකැළුම් හා ඒ. ඉල්ප්‍රාත් යන නිලධාරීන් එක්ව සිදු කර තිබුණහ.
(ක්‍රිෂාන්ත බාලසූරිය - ගලෙන්බිඳුණුවැව)