The-chef-5-beauties

තරුණ තරුණියන් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහන්වල නිරූපිකාවන් ලෙස බඳවා ගන්නා බවට ෆේස්බුක් හරහා දැන්වීම් පළ කළ බව නියන සීගිරිය ප්‍රදේශයේ හෝටල් සූපවේදියෙක් සුරූපී තරුණියන් පස් දෙනකුට බරපතළ ලිංගික අතවර කර ඇති බවට අනාවරණ වීමෙන් අනතුරුව ඊයේ (24) සැකපිට අත්අංඩගුවට ගනු ලැබීය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර, රජවැල්ල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙසට ගොස් ඊයේ පෙරවරු 11.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි හෝටල් සූපවේදියෙකි. සැකකරු විසින් බරපතළ ලිංගික අපයෝජන සිදු කරනු ලැබ ඇතැයි පැවැසෙන්නේ අවුරුදු 17 ත් 20 ත් අතර පසුවන ළාබාල සුරූපී තරුණියන් බවට  විමර්ශනවලදී අනාවරණයවී යැයි පොලිසිය කියයි.

එමෙන්ම සැකකරු එම තරුණියන්ගේ මව්වරුන් ද ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර,

ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ ද ලබාගෙන ඇතැයි ද අනාවරණය වන බව පොලිසිය කියයි.සැකකරුගේ ෆේස්බුක් දැන්වීම්වලට හසුවූ තවත් තරුණයන් පිරිසක් ද ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සැකකරුගේ ෆේස්බුක් ගිණුමට එවා ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

සැකකරුගේ ලිංගික අපයෝජනවලට ලක්වූ තවත් තරුණියන් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී. තම නිරුවත් දියණියගේ ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරු විසින් ගෙන්වා ගත් බව පවසමින් මවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

පරිගණක අපරාධ විමර්ශන අංශයට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඉකුත් දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වී සිටියේය.සැකකරු සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙබ් අඩවිවලට විකුණා ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන සිදුකෙරේ.

 ගයාන් සූරියආරච්චි