borella-incident

 බොරැල්ලේ ප්‍රසිද්ධ අව­මං­ගල්‍ය ශාලා­වක අව­සන් කට­යුතු සඳහා සූදා­නම් කර තැන්පත් කර තිබූ දේහ­යක් අධි­ක­රණ නියෝග ප්‍රකා­රව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට රැගෙන ගියත් මර­ණ­ක­රුගේ සොහො­යු­රිය මර­ණ­ක­රුට අයත් වෛද්‍ය වාර්තා ලබා නොදීම හේතු­වෙන් මර­ණය සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් සැක මතුව ඇතැයි කොල්ලු­පි­ටිය පොලි­සිය පව­සයි.



එම වෛද්‍ය වාර්තා මර­ණ­කරු මාස තුනක කාල­යක් රැඳී සිටි බව කියන කොල්ලු­පි­ටියේ ඇල්‍ෆ්‍රඩ් හවුස්හි පදිංචි ෂෙහානි රත්නා­යක යන අය විසින් ඉරා දමා අස්ථාන ගත කළ බවට වාර්තා වී ඇති අතර ඒ අනුව මර­ණ­කරු ප්‍රති­කාර ලබා­ගත් හේමාස් පෞද්ග­ලික රෝහලේ වෛද්‍ය වාර්තා­වල ඡායා පිට­පත් ලබා ගන්නා ලෙසට හදිසි මරණ පරි­ක්ෂ­ක­ව­රයා පොලි­සි­යට දන්වා ඇත.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා දැනු­වත් කර අධි­ක­රණ නියෝ­ග­යක් ලබා ගෙන වෛද්‍ය වාර්තා ලබා ගැනී­මට අපේක්ෂා කරන බව කොල්ලු­පි­ටිය පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක ජයන්ත ඒක­නා­යක මහතා පැව­සීය.

මර­ණ­ක­රුගේ බිරි­ය­ගෙන් ලැබුණු පැමි­ණි­ල්ල­කට අනුව කොල්ලු­පි­ටිය පොලි­සිය විසින් කරන ලද ඉල්ලී­මක් අනුව කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පසු­ගිය (12) දා නිකුත් කරනු ලැබූ නියෝ­ග­යක් අනුව දේහය පොලි­සිය භාර­යට පත් කෙරුණි.

එම අව­ස්ථාවේ අව­සන් කට­යුතු සිදු කිරී­මට සූදා­නම් කර තිබූ මර­ණ­ක­රුගේ දේහය බොරැල්ල බානි රේමන්ඩ් ආය­ත­නයේ තැන්පත් කර තිබිණි. අව­සන් කට­යුතු සඳහා සූදා­නම් කර තිබූ දේහය පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා කොල්ලු­පි­ටිය පොලිස් භාර­යට ලබා දෙන ලෙසට නිකුත් වූ අධි­ක­රණ නියෝ­ගය ප්‍රකා­රව දේහය පොලිස් භාර­යට ගෙන පොලිස් මෘත ශරී­රා­ගා­රයේ මේ වන­විට තැන්පත් කර තිබෙන අතර, එම මර­ණය පරීක්ෂා කිරී­මට අවශ්‍ය පිය­වර පොලි­සිය විසින් ගෙන තිබුණ ද මර­ණය කපා පරීක්ෂා කිරී­මට මේ වන තෙක් අව­සර ලැබී නැත.



තම සැමියා මාස තුනක කාල­යක් නිව­සින් බැහැ­රව සිටි බවත් ඔහුගේ සහෝ­ද­රි­ය­කගේ කොල්ලු­පි­ටිය ඇල්ෆ්‍රඩ් හවුස්හි පිහිටි නිවසේ නවා­තැන් ගෙන සිටි බවත් එහිදි සැමියා මර­ණ­යට පත් වූ බව­ටත් සඳ­හන් කර­මින් එම මර­ණය සැක සහිත බවට බිරිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර තිබිණි.

එම පැමි­ණි­ල්ලට අනුව පොලි­සිය කරුණු දක්ව­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා හමුවේ බී වාර්තා­වක් ගොනු කර­මින් දේහය පිළි­බඳ අව­සන් කට­යුතු සිදු කිරීම නව­ත්වා­ලී­මට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත් සැක කට­යුතු මර­ණ­යක් බවට ලද පැමි­ණි­ල්ල­කට අනුව අප­රාධ ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

මෙලෙස අධි­ක­රණ නියෝග නිකුත් කෙරුණේ ලලිත සේනා­නා­යක නමැති 64 හැවි­රිදි පුද්ග­ල­ය­කුගේ දේහ­ය­කට වන අතර ඔහු දීර්ඝ කාලීන වකු­ගඩු රෝග­ය­කින් සහ හෘද රෝග­ව­ලින් ප්‍රති­කාර ලැබූ බවට පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර මර­ණ­ක­රුගේ සහෝ­ද­රි­යගේ ඉල්ලී­මට අනුව මර­ණ­ක­රුගේ මෘත ශරී­රය මුද්‍රා තබා ඇති බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

දේහය පොලි­සි­යට ඉදිරි විම­ර්ශන සඳහා භාර දෙන ලෙස මර­ණ­ක­රුගේ බිරිය වන මායා දිල්රුක්ෂි යන අයට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා දේහය කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කරන ලෙසත් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කර අධි­ක­ර­ණ­යට වාර්තා කරන ලෙසත් නියෝග කළේය.

අධි­ක­රණ නියෝග ප්‍රකා­රව දේහය පෙරේදා (12) පොලිස් මෘත ශරී­රා­ගා­ර­යට භාර දී ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් කොල්ලු­පි­ටිය පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක ජයන්ත ඒක­නා­යක මහතා සහ 22081 අමිත් මහතා ඇතුළු කණ්ඩා­ය­මක් විම­ර්ශන කරයි.