cope-rohitha

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සමග කෝප් කමිටුව අලුත් වූ අතර එයට ආණ්ඩු පක්ෂය පෙර විවේචන හදා නොගෙන අපකීර්තිමත් පෙර සභාපති රංජිත් බණ්ඩාර මහාචාරිවරයා ඇතුළු අය නැවත පත් කර තිබුණි.
පාර්ලිමේන්තුවේ වගන්ති අනුව දෙන උපදෙස් උල්ලංඝනය කරමින් විපක්ෂයේ කෙනෙකු වෙනුවට ආණ්ඩු පක්ෂයේ අයෙකු නැවත කෝප් කමිටු සභාපති ලෙස පත්කරන්නට එම කණ්ඩායම තීරණය කර තිබුනේ විපක්ෂයෙන් කමල් වලේබොඩ නම යෝජනා වී ඇති පසුබිමකය.


එලෙස සබාපති ලෙස නම් කළ පුද්ගලයා රාජපක්ෂවාදියෙකු වීම හා කෝප් සභාපති වන්නට තරම් සුදුසුකම් ඇති අයෙකු නොවීම සමාජ මාධ්‍ය තුළද උපාහාසයට නැගිණි.
ඊයේ (19) දිනයේ නව සභාපති රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පළමු වතාවට රැස් වූ අතර එයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා විගණකාධිපතිවරයාද එක්ව සිටි නමුත් විපක්ෂයේ අය පැමිණ නොතිබිණි. එහි සිටි එකම විපක්ෂ මන්ත්‍රී දෙමළ සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම්ද රැස්වීම අරඹා ඊට විරෝධය පළ කරමින් රැස්වීමෙන් පිටව යාමට පියවර ගත්තේය.

මහාචාර්ය චරිත හේරත්, ගාමිණී වලේබොඩ,  ෂානක්කියන් රාසමාණික්කම්,

හේෂා විතානගේ,එස්. එම්. මරික්කාර් ,දයාසිරි ජයසේකර, එරාන් වික්‍රමරත්න හා නලින් බණ්ඩාර යන 08 දෙනා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප්) මේවනවිට ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව ඔවුහු සඳහන් කළහ.

මෙම දෙදරීමට මුල්වූ සංසිද්ධිය පසුගිය 07දා  සිදු විය. මෙහිදී සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නවිසින් ස්ථිර කරන ලදි.එසේම ගාමිණි වලේබොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු ඩිලාන් පෙරේරා විසින් ස්ථිර කරන ලදි. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී  පත්විය.