දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කර, කොටස්වලට ගලවා එම යතුරුපැදි අමතර කොටස් විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් හතරදෙනකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස විමරිශන අංශය සදහන් කරයි. අනුරාධපුර ශ්‍රාවස්තිපුර අලුත් වැව, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හන්දිය, හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි 29 - 44 හැවිරිදි සිවුදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සැකකරුවන් සතුව තිබූ යතුරුපැදි අංක තහඩු 116 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබේ.
රාජාංගණය, පහළමාරගහවැව කෝමාරිකා වගා ව්‍යාපෘති භූමියක පසුගියදා පැවති සංගීත ප්‍රසංග මාලාවක් අතරතුරදී සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සම්බන්ධයෙන් සිදු කළ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි කර ගැනීමට හැකි වූ බවද පොලීසිය කියයි.මෙම ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු සංගීත ප්‍රසංග භූමියේදී යතුරුපැදියක් සොරකම් කර එය රැගෙන යමින් සිටියදී එය ලොරියක ගැටීමත් සමග එම ස්ථානයේ දමා නැවතත් සංගීත ප්‍රසංග භූමියට පලා ගොස් තවත් යතුරුපැදියක් සොරකම් කිරීමට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.රාජාංගණය ප්‍රදේශයෙන් සොරකම් කරන ලද එම යතුරුපැදිය ප්‍රධාන සැකකරු‚ දඹුල්ල නගරයේ පදිංචි ඔහුගේ මිතුරෙකු සමග සම්බන්ධ වී කිතුල්හිටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට රුපියල් 50,000ක මුදලකට විකුණා තිබූ බවද පොලීසිය කියයි.
එම යතුරුපැදිය මිලදීගත් පුද්ගලයා, දඹුල්ල මිරිස්ගෝනියාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අමතර කොටස් විකිණීමේ ආයතනයකට එය රුපියල් 85,000ක මුදලකට විකුණා ඇති අතර, විමර්ශන සිදු කරන අවස්ථාවේදී එම යතුරුපැදියේ අංක තහඩු පමණක් ඉතිරිව තිබූ බව පොලීසිය පවසයි.වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී එම යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලේ සකසා තිබූ විශේෂිත රහස් කුටියක තිබී, යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.මෙම ජාවාරම, වසර දහයකට වැඩි කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය කීය.අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදිවල අංක තහඩුවලට අදාළ යතුරුපැදිවල නීත්‍යනුකූල හිමිකරුවන් සොයා ගැනීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවද පොලීසිය පවසයි.
අනුරාධපුර - බී.ජී චතුරංග
0 Comments