ඩයනා කුමරියගේ ගේ බාල සොහොයුරා වන අර්ල් ස්පෙන්සර් පවසා ඇත්තේ තමා ළමා වියේදී බෝඩිමක දී ලිංගික අපයෝජනයට ලක් වූ බවයි.
ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ මතක සටහන් වලින් උපුටා ගැනීමක, අර්ල් ස්පෙන්සර් පැවසුවේ 1970 ගණන්වල නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි මේඩ්වෙල් බෝඩිමේ සේවක සේවිකාවක් විසින් තමා ඉලක්ක කරගනිමින් මෙසේ සිදුවූ බවයි.
දැන් 59 හැවිරිදි වියෙහි පසුවන අර්ල් ස්පෙන්සර් කියා සිටින්නේ ඔහුට වයස අවුරුදු 11 දී අපයෝජනය ආරම්භ වූ බවයි.
මෙහිදී පාසල පැවසුවේ ලිංගික අපයෝජන චෝදනා "පළාත් පාලන ආයතන විසින් නම් කරන ලද නිලධාරියෙකු" වෙත යොමු කර ඇති බවයි.
අර්ල් ස්පෙන්සර් වයස අවුරුදු අටත් 13ත් අතර කාලයේ මේඩ්වෙල් නේවාසික පාසලට සහභාගි වී ඇත.
ඔහුගේ නව පොත වන A Very Private School හි, ඔහු චෝදනා කරන්නේ, ඔහු විසින් විස්තර කරන ලද කාන්තා සේවක සේවිකාවක්, " ළමා කාමාතුරයෙකු" ලෙස, ඔහු සහ අනෙකුත් තරුණ පිරිමි ළමයින්ව රාත්‍රියේ ඔවුන්ගේ නේවාසිකාගාර ඇඳන් තුළ අපයෝජනයට ලක් කළ බවයි.
ඉන් අනතුරුව අර්ල් ස්පෙන්සර් පවසා සිටියේ එම සේවකයන් දැන් විදේශයක ජීවත් වන බව හෝ මිය ගොස් ඇති බව දැනගන්නට ලැබෙන බවයි.
එසේම පාසලේ එවකට ප්‍රධාන ගුරුවරයා වූ ජෝන් පෝර්ච්ට "ම්ලේච්ඡ පහරවල්" එල්ල කළ බවට ද ඔහු චෝදනා කළ අතර ගුරුවරයා "ප්‍රචණ්ඩත්වයෙන් ලිංගික සතුටක්" ලබා ගත් බව ඔහු පවසා ඇත.
තවද අර්ල් ස්පෙන්සර් පැවසුවේ මේඩ්වෙල් හි ගත කළ කාලය නැවත සිහිපත් කිරීම "පරම අපාය අත්දැකීමක්" බවයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් මේඩ්වෙල් හෝල් පැවසුවේ "චාල්ස් ස්පෙන්සර් සහ ඔහුගේ සමහර ආදි ශිෂ්‍යයන් පාසලේදී ලද අත්දැකීම් ගැන කියවීම සාධාරණ බවත් ,
එය ඔවුන්ගේ අත්දැකීම වීම ගැන ඔවුන් කණගාටු වන බවත්ය.
එසේම ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ අද අධ්‍යාපනය තුළ පාසල් ජීවිතයේ සෑම අංශයක්ම පාහේ 1970 ගණන්වල සිට සැලකිය යුතු ලෙස පරිණාමය වී ඇති බවත්,වෙනස්කම්වල හරය වන්නේ ආරක්ෂාව සහ දරුවන්ගේ සහ ඔවුන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම බවත් ය.
එසේම ආදි සිසුන්ගෙන් සෘජුවම හිමිකම් නොලැබුණත්, වාර්තා වී ඇති දේ සැලකිල්ලට ගනිමින්, පාසල විසින් ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය අනුගමනය කර පළාත් පාලන අධිකාරියේ නම් කරන ලද නිලධාරියා (LADO) වෙත යොමු කර ඇති බවත්, එවැනි අත්දැකීම් ඇති ඕනෑම අයෙකුට ඉදිරියට පැමිණීමට ඔවුන් දිරිමත් කරන බවත්,ඒ අනුව ඉදිරියට ගොස් මේඩ්වෙල් හෝල්, ලාඩෝ හෝ පොලිසිය අමතන ලෙසත් ය.
කෙසේනමුත් මේඩ්වෙල් හි කාලයෙන් පසු අර්ල් ස්පෙන්සර් ඊටන් විද්‍යාලයට ඇතුළත් ව සිට ඇත.
0 Comments