france-Abortion-law-change

ප්‍රංශය සඳුදා ගබ්සාවට ඇති අයිතිය එහි ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අතර, මේ අනුව ගබ්සාවට එරෙහි කණ්ඩායම් විසින් ඓතිහාසික හා දැඩි ලෙස විවේචනය කරන ලද ගබ්සා නීතිය කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් මැදිහත්ව ප්‍රථමයෙන් ජයගත් රට බවට ප්‍රංශය පත් විය.


 
පැරිසියට මදක් ඔබ්බෙන් වූ වර්සයිල්ස් මාලිගයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙනෙට් සභිකයන් යන පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකෙහි විශේෂ ඒකාබද්ධ ඡන්දයකදී සම්මත කරගන්නා ලදී. මෙහිදී විරුද්ධව ඡන්ද 72ක් ලැබී ඇති අතර, පක්ෂව ඡන්ද 780ක් ලබා ගනිමින් යෝජනාව සම්මත වී ඇත.



යෝජනාව සම්මත වීමත් සමග මධ්‍යම පැරිසියේ රැස්ව සිටි ගබ්සා හිමිකම් ක්‍රියාකාරීන් විසින් අයිෆල් කුළුණ අසළ ප්‍රීති ඝෝෂා නගමින් අත්පොළසන් දෙමින් , යෝධ තිරයක් මත  "MyBodyMyChoice" යන පණිවිඩය ප්‍රදර්ශනය කළහ.

ගබ්සා කිරීමේ අයිතිවාසිකම් එක්සත් ජනපදයේ සහ වෙනත් බොහෝ රටවලට වඩා ප්‍රංශයේ පුළුල් ලෙස පිළිගෙන ඇති අතර, ප්‍රංශ ජනතාවගෙන් 80% ක් පමණ ගබ්සාව නීත්‍යානුකූල බව සනාථ කිරීමට ඡන්දය ප්‍රකාශ කර ඇත.

"අපි සියලුම කාන්තාවන්ට පණිවිඩයක් යවමු: ඔබේ ශරීරය ඔබට අයත් වන අතර කිසිවෙකුට ඔබ වෙනුවෙන් තීරණය කළ නොහැක," යනුවෙන්  අගමැති ගේබ්‍රියෙල් ඇටල් ඡන්දයට පෙර නීති සම්පාදකයින්ට පැවසීය.

1974 නීතියකින් ප්‍රංශයේ කාන්තාවන්ට ගබ්සා කිරීමට නීත්‍යානුකූල අයිතියක් ඇත . එහෙත් බොහෝ දෙනෙක් එකල එය දැඩි ලෙස විවේචනය කළහ.

නමුත් ගබ්සා කිරීමට කාන්තාවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය පිළිගත් රෝ එදිරිව වේඩ් තීන්දුව ආපසු හැරවීමට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ 2022 තීන්දුව ප්‍රංශය එහි මූලික නීතියේ අයිතිය පැහැදිලිව ආරක්ෂා කරන පළමු රට බවට පත්වීමට ක්‍රියාකාරීන් පොළඹවන ලදී.

"ගබ්සා කිරීමේ අයිතිය එක්සත් ජනපදයේ පසු බැස ඇති බවත් එබැවින් ප්‍රංශය මෙම අවදානමෙන් නිදහස් වී ඇතැයි සිතීමට අවසර නොදුන් බවත්" ෆොන්ඩේෂන් ඩෙස් ෆෙම්ස් අයිතිවාසිකම් කණ්ඩායමේ ලෝරා ස්ලිමානි පැවසුවාය.

සඳුදා පැවති ඡන්දය ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාවේ "ගබ්සාවකට යොමු වීමට කාන්තාවකට සහතික වූ නිදහස ඇති කොන්දේසි නීතිය විසින් තීරණය කරයි" යන්න ඇතුළත් විය.



ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානී යායෙල් බ්‍රවුන්-පිවෙට් පැවසුවේ “ගබ්සා කිරීමේ අයිතිවාසිකම් තුළින් ප්‍රංශය ඉදිරියෙන්ම සිටී යනුවෙනි.

නමුත් මෙම පියවර විවේචනවලට ලක් වී ඇත.  

අන්ත දක්ෂිණාංශික නායිකා Marine Le Pen පැවසුවේ රට තුළ ගබ්සා කිරීමේ අයිතිය සඳහා විශාල සහයෝගයක් ලැබෙන නිසා මැක්‍රොන් දේශපාලන ලකුණු ලබා ගැනීම සඳහා එය භාවිතා කරන බවයි.

"අපි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ඡන්දය දෙන්නෙමු, මන්ද ඒ සම්බන්ධයෙන් අපට කිසිදු ගැටළුවක් නොමැති නිසා," යැයි පැවසූ  Le Pen , වර්සායිල් ඡන්දයට පෙර වාර්තාකරුවන්ට  පැවසුවේ, එම නීතිය ඓතිහාසික පියවරක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් වන බවයි.

කතෝලික පවුල් සංගමයේ සභාපති Pascale Moriniere මෙම පියවර ගබ්සාවට එරෙහි උද්ඝෝෂකයන්ගේ පරාජයක් ලෙස හැඳින්වීය.

Moriniere පැවසුවේ ගබ්සා කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමට අවශ්‍ය නොවන බවයි.