ගාලු කොටුවේ සියලු රජයේ කාර්යාල ඉවත් කර එම ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් බව ලබාදෙන ජනාධිපති – රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මහමෝදර, ගාල්ල බන්ධනාගාරය පැවැති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපතිවරයා ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බවද සඳහන් කළේය.ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ගාල්ල, හෝලුවාගොඩ “සෙරින් රිචර් පාර්ක්" පාරිසරික උද්‍යානය පෙරේදා (13) ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේදීය. ඉකුත් 2021 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන් වූ කෙත් යායක ඉදිකර ඇත.
කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් සකස් කරනු ලැබ ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව ඉදිකිරීම් කටයුතු කළේය. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 44කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළෙඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වෙයි. උද්‍යානයට විදුලිය ලබාදීම සූර්ය බල ශක්තියෙන් සිදු කෙරේ. ඉදිරියේ දී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක් වැල්ල, වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ, ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්වය පාලනය කිරීම ද මෙම උද්‍යානය මගින් සිදුවේ.මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට ඇතුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාරිසරික උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කරන බව කී ජනාධිපතිවරයා එසේ නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් ඒවායේ අලංකාරය නැති කිරීමට පුද්ගලයන් කටයුතු කරන බවද සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළ යුතුයි.
මෙමගින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි. සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි.
රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේම ජනතාව මුදල් උපයනවා. ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන්වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු විහා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබාදෙන ආයතන මේ ප්‍රදේශ වලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුද අදහස් දැක්වූහ. උත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වජිර සම්පත් අබේවර්ධන, අතුකෝරළ මහත්වරු ද සහභාගී වූහ.
අංජුල මහික වීරරත්න
0 Comments