hambantota-incident

හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 11 වැනිදා රාත්‍රී පැවැති මංගල සාදයකට සහභාගි වූ 280ක පිරිසකගෙන් එකසිය. හැත්තෑ දෙදෙනකුට බරපතළ තත්ත්වයේ බඩේ අමාරුවක් වැළඳී ඇතැයි හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේය. සාදයට සහභාගි වූ වෛද්‍යවරුන් තිදෙනකු ද බඩේ අමාරුව වැළඳී රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව කියයි.දෙබරවැව මූලික රෝහලේ 14 දෙනකු ද ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ අට දෙනකු ද කොළඹ ජාතික රෝහලේ තිදෙනකු හා අම්බලන්තොට රෝහලේ පස් දෙනකු ඇතුළු තිස් දෙනකු නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.



මත්තල පදිංචි ව්‍යාපාරිකයකුගේ සාදයක දී සිදුවූ මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් ආහාරපාන සැපයූ හෝටලයේ කළමනාකාරිත්වය සඳහන් කර ඇත්තේ අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීමට හෝටලය බැඳී නොමැති බවය.  සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරික චන්ද්‍රරත්න එදින රාත්‍රි හෝට්ලයට සමරවික්‍රම දසනායක මහතා සඳහන් කළේ ආහාරය සඳහා දෙසීයකට ආරාධනා යුවළ ළඟම ඥාතීන් ආහාර ගැනීමෙන් වැළකී සිටි බවය.



වෛද්‍යවරුන් නීතිඥවරුන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ආහාර ගැනීම නිසා ඒ සියලු දෙනා රෝගීන් වී ඇති බව ද ඔහු කීය. මේ පිළිබඳව හම්බන්තොට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධරිවරයාගෙන් කළ විමසීමක දී සඳහන් කළේ මීට අදාළ පැමිණිල්ල ලැබුණු පසු හෝටලයට ඒ අවස්ථාවේ දී කණ්ඩායමක් පිටත් කර යැවූ බවයි. මෙම සිද්ධියට මුහුණු දුන් රෝගීන්ගේ මළ සාම්පල පරීක්ෂා කර වාර්තාවක් එවන ලෙස රෝහල් වලින් ඉල්ලීම් කළ බව ද ඔහු පැවසීය.
අමිල සම්පත් ශ්‍රී