india-gang-abusers-arrest

සංචාරය සදහා පැමිණි යුවලකගෙ කාන්තාව  සමූහ දූෂණයට ලක් කර ඇගේ ස්වාමිපුරුෂයාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන බව බලධාරීන් පවසා ඇත.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ සිට අසල්වැසි නේපාලයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම යුවළ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී සිටියදී සිකුරාදා අගභාගයේදී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් සොයා ගත් බව ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ඩුම්කා දිස්ත්‍රික් පොලිස් අධිකාරී පිටම්බර් සිං ඛෙර්වාර් පවසා ඇත.

ඒ අනුව ඔවුන් වහාම රෝහලට ගෙන ගොස් තිබු  අතර එහිදී කාන්තාව වෛද්‍යවරයාට තමන් දූෂණයට ලක් වූ බව පැවසූ බව ඔහු වැඩි දුරටත්  සදහන් කර ඇත.




සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් හතර දෙනෙකු සොයන බවත් පොලිසිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

තවද තවත් සැකකරුවන් 4 දෙනෙකු මේ වන විට රඳවාගෙන ඇති බව Dumka නියෝජ්‍ය කොමසාරිස් Anjaneyulu Dodde අඟහරුවාදා තහවුරු කර ඇත.

මේ සදහා පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායමක් පිහිටුවා ඇති බව ඛෙර්වාර් පවසා ඇති අතර සැකකරුවන් වෙනුවෙන්  නීතිමය නියෝජනයක් තිබේද යන්න පැහැදිලි කර  නැත.

විශේෂයෙන්ම ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් නම් කිරීම වළක්වන ඉන්දීය නීතියට අනුව වින්දිත කාන්තාව නම් කර නැත.එසේම මෙම යුවළගේ නම් හෝ ජාතිකත්වයන් පිළිබඳව පොලිසිය අනාවරණය කර නොමැත.

මේ පිලිබදව යුවළක් සෙනසුරාදා ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් කතාවේ, කාන්තාව ඇගේ මුහුණේ තැලීම් පෙන්වමින්,

“මගේ මුහුණ පෙනෙන්නේ මෙයයි, නමුත් වඩාත්ම රිදවන්නේ එය නොවේ. මම හිතුවේ මම මැරෙයි කියලා."යනුවෙන් පවසන දර්ශනද අඩංගු වෙයි.

එම සමාජ මාධ්‍ය පොස්ට් එකට සහය දුන් සැමට ස්තුති කරමින් එම යුවල මේ වන විට හොඳින් සිටින බවත්, ඉතිරි සැකකරුවන් අල්ලා ගැනීමට “පොලිසිය හැකි සෑම දෙයක්ම කරමින් සිටින” බවත් සදහන් කර ඇත.

තවද ඉන්දියාවේ ජාතික කාන්තා කොමිසම (NCW) චෝදනා එල්ල වූ ප්‍රහාරය හෙළා දැක ඇත.

එසේම NCW සභාපතිනී රේඛා ෂර්මා වින්දිතයා සමඟ කතා කර අවශ්‍ය සියලු ආධාර ලබා දී ඇති බව සංවිධානය සෙනසුරාදා X සමාජ මධ්‍යයෙහි  පළ කර ඇත.

ජාර්කන්ඩ් අමාත්‍ය මිතිලේෂ් කුමාර් තාකූර් ද සිය අප්‍රසාදය පල කර ඇත.

විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීම පිලිබදව  ඉන්දියාව වසර ගණනාවක් අරගල කර ඇති අතර,විදේශියන්  සම්බන්ධ ඉහළ පෙළේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් ගණනාවක් මෙම ප්‍රශ්නයට එක්වීමෙන් මේ පිලිබදව  ජාත්‍යන්තර අවධානය යොමු කර ඇත.



ඒ අනුව 2018 දී,  ද බටහිර ගෝවා ප්‍රාන්තයේ ඇවිද යමින් සිටි බ්‍රිතාන්‍ය කාන්තාවක් දූෂණයට ලක් වූ බව කියනු ලැබේ.එසේම මීට වසර දෙකකට පෙර, නවදිල්ලියේ තරු පහේ හෝටල් කාමරය තුළදී ඇමරිකානු කාන්තාවක් පිරිමින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ලබා දී දූෂණය කර ඇත.තවද 2013 දී ස්විට්සර්ලන්ත සංචාරකයෙකු සමූහ දූෂණය කිරීමේ වරදට මිනිසුන් හය දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත.

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2022 දී ස්ත්‍රී දූෂණ 31,516 ක් වාර්තා වී ඇති අතර එය දිනකට නඩු 86 ක තත්ත්වයක් පෙන්නුම් කරනු ඇත.

දූෂණයට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අය ලැජ්ජාව සහ අපකීර්තිය හෙතුවෙන්බොහෝ අවස්ථා සගවමින් සිටින අතර පීතෘමූලික රටක, වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාවෙන් කුඩා කොටසක් පමණක් බව විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.