2024 අයි.පී.එල්. තරගාවලිය හෙට මාර්තු 22 වැනිදා එම්. ඒ. චිතම්බරම් ක්රීඩාංග ණයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ඉන්දියාවේ පමණක් මුළු ලෝකයෙහිම ක්‍රිකට් රසික රසිකාවියෝ සෑම වසරකම මෙන් මෙවර ද අයිපීඑල් තරග උණුසුම විඳින්නට ලහිලහියේ බලා සිටින්නෝය. සෑම වසරකම මෙන්ම අයිපී එල් පිටීයට කුලුඳුලේ පිය නගන්නට මෙවරද කෝඩුකාරයෝ රැසක් බලා සිටිති. එම කෝඩු ලැයිස්තුවේ වත්මන් ස්ලින්ගා නමින් නම් දරන ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි වේග පන්දු යවන්නෙක් වන නුවන් තුෂාර ද වෙයි. තුෂාරට අමතරව නවසීලන්තයේ රචින් රවීන්දු, ඉන්දීය ක්‍රීඩක සමීර් රිස්වි, ගැරල්ඩ් කොයෙට්ලි, ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමරාසි, ස්පෙන්සර් ජොන්සන්, කුමාර්
කුන්ග්ය මෙවර අයීපීඑල් පිටිය සරසන කෝඩුකාරයෝ වෙති.
නුවන් තුෂාර
2024 වසරේ අයීපීඑල් පිටියට කුලුඳුලේ පිවිසෙන නුවන් තුෂාර ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ වේග පන්දු යවන්නෙකි. ලිංගා නම් අන්වර්ථ නාමයෙන් ක්‍රිකට් ලොව ප්‍රචලිත ලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවන් තුෂාර පසුගියදා නිමාවට වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ගේ කඩුලු ඉනි පන්දු පහරින් ගලවා දමමිනි. 29 වැනි වියෙහි වන පසු නුවන් තුෂාර මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 අන්තර්ජාතික තරග 8කට ක්‍රීඩා කරමින් කඩුලු 11ක් දවා ගෙන තිබේ. එහිදී ඔහු කඩුලු 5 අවස්ථාවකට හිමිකම් කියන අතර එම හිමිකම ඔහු සපුරා ගත්තේ පසුගියදා කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙලූ බංග්ලාදේශ තරගයේදීයි. ඔහු එහිදී ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තේය. නුවන් තුෂාර මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය, පාකිස්තාන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ ඩුබායි ටී ටෙන් තරගාවලිය ආදී ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කර තිබේ. තුෂාර මෙවර අයිපී එල් තරගාවලිය නියෝජනය කරනුයේ ලසිත් මාලිංග නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් වීම විශේෂත්වයකි.
ඉන්දියන් රුපියල් කෝටි 4,80 කට නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් මිලදී ගැනුණි.
රවින් රවීන්ද්‍ර
නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන රචින් රවින්ද්‍ර ද මෙවර අයිපීඑල් පිටියට එක් වන අලුත් මුහුණකි. ඉන්දීය සම්භවයක් සහිත රචින්ගේ නම ඔවුන් මාපියන් විසින් නිර්මාණය කර ඇත්තේ ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පුරාවෘත්ත ද්විත්වයක් වන සචින් තෙන්දුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ්ගේ නම් ඇසුරු කරගෙනයි. සිය මංගල අයිපීඑල් අත්දැකීමට මුහුණ දෙන රචින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිය අයිපීඑල් ජීවිතය අරඹයි. 24 වැනි වියෙහි පසුවන තුන් ඉරියව් සුරුවෙක් වන රචින් මේ වන විට නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි 20 තරග 20කදී ලකුණු 214ක් ලබා ගෙන ඇතිවා සේම කඩුලු 18ක් ද දවාගෙන තිබේ. රවීන් ඉන්දියන් රුපියල් කෝටි 1.8 කට වෙන්දේසියේදී අලෙවි වී තිබුණි.
සමීර් රිස්වි
තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි අත්පොත් තබා නැති සමීර් රිස්වි මෙවර අයිපී එල් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රීඩකයන් හා පිත්තෙන් ගැටීමට සූදානමින් පසුවෙයි. ඉන්දීය පළමු පෙළ පිතිකරුවෙක් ලෙස දක්ෂතා අතරට පැමිණ ඇති රිස්වි තවමත් 20 වැනි විය පසු කළ යෞවනයෙකි. ඉන්දියාව වෙනුවෙන් 19 න් පහළ B කණ්ඩායම නියෝජනය කර ඇති රිස් වී මේ වන විට පළමු පෙළ තරග 7කට ක්‍රීඩා කරමින් ලකුණු 96ක් ද! කාණ්ඩයේ තරග 11කදී ලකුණු 205ක් මෙන්ම විස්සයි 20 තරග 11කදී ලකුණු 295ක් ලබා ගෙන තිබේ. මෙම තරග සියල්ලෙහිම රිස්වි අර්ධ ශතක 3කට හිමිකම් කියයි.
රිස්වි අයිපී එල් තරගාවලියේ නියෝජනය කරනුයේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි. ඉන්දීය යූපී විස්සයි 20 තරගාවලියේ කාන්පූර් සුපර් ස්ටාර් කණ්ඩායම නියෝජනය කළ රිස්වි එම කණ්ඩායමෙහි වැඩිම 6 පහර එල්ල කළ පිතිකරුවා ලෙස වාර්තාවක් තබා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුදලකට මෙම යොවුන් ක්‍රීඩකයා අයිපීඑල් වෙන්දේසියේදී අලෙවි විය.
ගැරල්ඩ් කොයෙෂි
2024 අයිපීඑල් පිටියේ දැක ගත හැකි අලුත් මුහුණු අතර දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩක ගැරල්ඩ් කොයෙන්ෂි ද කැපී පෙනෙයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ගැරල්ඩ් පැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයෙන් පන්දු යැවිය හැකි පන්දු යවන්නෙකි. මේ වන විට ජාත්‍යන්තර විස්සයි 20 තරග 4කට ක්‍රීඩා කර ඇති ගැරල්ඩ් එහිදී කඩුලු 6ක් දවාගෙන තිබේ.
එස්ඒ 20 ලීග් තරගාවලිය,එම්එල්සී තරග ාවලිය ඇතුළු ලීග් තරග රැසක නියෝජනය කරමින් ගැරල්ඩ් දස්කම් අතරට පැමිණ ඇත. ඉන්දියන් රුපියල් 5කට අයිපීඑල් වෙන්දේසියේදී ගැරල්ඩ් අලෙවි වී තිබුණි.
අසමතුල්ලාහ් ඔමරායි
ඇෆ්ගනිස්තාන් කණ්ඩායම නියෝජනය කරන අස්මතුල්ලාහ් ඔමරාසි ද මෙවර අයීපීඑල් පිටියෙහි පළමුවරට දැක ගත හැකි ජාත්‍යන්තර ක්‍රීඩාවේ සුපුරුදු මුහුණකි. තවමත් 23 වැනි වියෙහි පසුවන මෙම ඇෆ්ගන් යෞවනයා අයීපීඑල් හි ගුජරාට් ලයන්ස් කණ්ඩායම නියෝජනය කරයි. මේ වනවිට විස්සයි 20 ජාත්‍යන්තර තරග 33කට ක්‍රීඩා කරමින් ලකුණු 285ක් ලබා ගෙන කඩුලු 21 ක් දවාගෙන ඇති ඔමරාසි ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වටම හපන්කම් කියන්නෙකි.
(පී. මහීෂ්වර)
0 Comments