john-cena-gives-costume-design

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මීට පැය කිහිපයකට පෙර අවසන් වූ ඇකඩමි හෙවත් ඔස්කා සම්මාන උළෙලේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා
නිර්මාණශිල්පී හොලි වැඩින්ටන්  "Poor Things" සිනමා පටය වෙනුවෙන් සම්මාන දිනුවේය.
මෙම ජයග්‍රාහකයාගේ නම සඳහන් කිරීමට භාරව තිබුනේ හිටපු සුප්‍රසිද්ධ WWE මල්ලවපොර ක්‍රීඩක හා හොලිවුඩ් නළු ජෝන් සීනා ටය. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය කියා එය පිරිනැමීමට නළුවා වේදිකාවට පැමිණියේ කිසිවක් නොඇඳ හාස්‍යජනක ලෙසය.


ඔහු අතේ තිබුණ දිග ලියුම් කවරයකින් ඔහුගේ රහස් අවයවය පමණක් වසාගෙන සිටි අතර කීර්තිමත් උත්සවයේ වේදිකාව මත පෙනී සිටියේ සම්පූර්ණයෙන්ම පාහේ නිරුවතින්. පසුව සම්මානය ගැන කියවන විට අවට අය උදව් කර ඔහුගේ සිරුර වැසූ අතර ඔහු එයට අනුකූල විය. කෙසේ වෙතත් මෙම හැසිරීම සම්මාන උළෙලේ විනය කඩවීමක් ලෙස සලකන්නට බැරි බව සංවිධායකයන් පෙන්වා දී ඇත.
ප්‍රසංගයේ සත්කාරක ජිමී කිමෙල් මින් ඉහත ඔස්කාර් ඉතිහාසය මතක් කර 1974 ඔස්කාර් සම්මාන උළෙලට ආ අයෙකු නිරුවතින් වේදිකාව හරහා දිව ගිය අයුරු කීය. පසුව එම තත්වය පාලනය කර තිබුණි. “අද නිරුවත් මිනිසෙකු වේදිකාව හරහා දිව ගියහොත් ඔබට සිතාගත හැකිද? එය පිස්සුවක් නොවේද? ” ඔහු පැවසීය.
 CNN පවසන්නේ මෙය සැලසුම් කර නිරුවත ඔස්සේ ප්‍රසංගය ගැන ආන්දෝලනයක් මතුකරන්නට සිදුකළ ප්‍රයත්නයක් බවය.
නමුත් එම උත්සාහයට FCC උල්ලංඝනයන් නොමැති බවට CNN පැහැදිලි කර තිබේ.