kawan-rathnayake-boc-chairman

මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකු­වක් වන ලංකා බැංකුවේ නව සභා­ප­ති­ව­රයා ලෙස පත් කළ කීර්ති­මත් වෘත්ති­ක­යකු වන කාවන් රත්නා­යක මහතා එම ධුරයේ රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ඊයේ (14) ආරම්භ කළේය.

මුදල් ඇමැ­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් එම පත්කි­රීම අනු­මත කර ඇත. 2023 වසරේ ජන­වාරි මස සිට ලංකා බැංකුවේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ජනා­ධි­පති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහ­තා­ගෙන් පසුව


මෙම නව පත්කි­රීම සිදු­කර තිබේ. මෙරට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ග­ලික අංශය තුළ ද කීර්ති­මත් වෘත්ති­ක­යකු වන රත්නා­යක මහතා, බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, තාක්ෂණ, සංචා­රක සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළි­බඳ මනා පල­පු­රු­ද්දක් ලබා තිබේ. රත්නා­යක මහතා වර්ත­මා­නය වන විට KBSL (Pvt) Ltd සහ Agility Innovations (Pvt) Limited යන ආය­ත­න­වල අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යකු ලෙස කට­යුතු කරන අතර, ඒ මහතා ජයම් විජේ­ර­ත්නම් භාරයේ සහ ඩය­ලොග් පද­නමේ භාර­කරු ලෙස ද කට­යුතු කරයි.

ලංකා බැංකුවේ සභා­පති තන­තු­රට පත් වීමට පෙර ජාතික සංව­ර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය, ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය යන ආය­ත­න­වල සභා­පති තන­තුරු දරා ඇති රත්නා­යක මහතා, ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ සභා­පති හා කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙසත් කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ


ඩය­ලොග් ආසි­යාටා යන සමා­ග­ම්වල සමූහ ප්‍රධාන ආය­ත­නික නිල­ධා­රි­ව­රයා ලෙසත් ඩය­ලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස්හි ප්‍රධාන විධා­යක නිල­ධාරී සහ IBM ශ්‍රී ලංකාහි මෙරට සාමා­න්‍යා­ධි­කාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත.ඒ මහතා කැලි­ෆෝ­නියා විශ්ව­වි­ද්‍යා­ලයේ (භෞතික විද්‍යාව) විද්‍යා­වේදී උපා­ධිය ලබා තිබෙන අතර IBM SRI LANKA හි මෙරට සාමා­න්‍යා­ධි­කා­රී­ව­රයා ලෙස ද Dialog Broadband හි ප්‍රධාන විධා­යක නිල­ධා­රියා ලෙස ද Dialog Axiata PLC හි ප්‍රධාන ආය­ත­නික නිල­ධා­රියා ලෙස ද කට­යුතු කර තිබේ. ලංකා වාණිජ මණ්ඩ­ලයේ කමිටු සාමා­ජි­ක­යකු ලෙස ද ලංකා සේවා යෝජ­ක­යන්ගේ සම්මේ­ල­නයේ කවු­න්සිල සාමා­ජි­ක­යකු ලෙස ද කට­යුතු කර ඇති රත්නා­යක මහතා අමෙ­රි­කානු වාණිජ මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කර තිබේ.