හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළ ඔහුගේ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියලු දෙනා සිනා සුණහ.තමාට නිත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කර
එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ 'දූෂණය' වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට පාර්ලිමේන්තු යෑමට ඇතැයි කියමින් ඔහුගේ නීතිඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී රෝගී බව පවසමින් පසුගිය අවස්ථාවේ උසාවියට නොපැමිණි ඔහු ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවපෙන්වා දෙමින් විනිසුරුවරයා එලෙස ප්‍රශ්න කළේය."
මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 26 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා විත්තිකරු එදින අනිවාර්යයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළේය.2010 නොවැම්බර් 22 වැනිදා සිට ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නීත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44000/- ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ 'දූෂණය' නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.
මෙලෙස චෝදනා ලබ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද
මහත්වරුන් අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම මෙම සිද්ධියට අදාළවම නඩු පැවරා තිබිණි. මේ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට අනුව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරිණි.
නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම යළිත් වරක් නඩු පැවැරීය.නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවැනි විත්තිකාර රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා අධිකරණයේ පෙනී සිටියේය.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් බාල බෙහෙත් ගෙන්වා රජයේ රෝහල්වලට දී රුපියල් කෝටි ගණනක වංචාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින මෙම නඩුවේ විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයකින් පසුවන්නේ නම් ඔහු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණත් නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අධිකරණයට ඉදිරිපත් නොකළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ඔහු පාර්ලිමේන්තුවට යෑමට ඇති දිනයක් බව දැනුම් දෙමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළහ.මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරයා රෝගී තත්වයක් බව පවසමින් පසුගිය නඩු වාරයේදී අධිකරණයට නොපැමිණි
විත්තිකරුගේ අසනීපය දැන් සනීපදැයි විමසීය.
ඒ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියලු දෙනා සිනහ වූ අතර විත්තිකරුගේ අසනීපය සම්බන්ධයෙන් මෙතෙක් වෛද්‍ය වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි ක්‍රියාදාමයන් තුළ අධිකරණ කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේදැයි විත්තිකරුගේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කළේය.මෙම නඩුව ආරම්භ කළ අවස්ථාවේදී නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුව ලබන 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරුවරයා විත්තිකරු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් බන්ධනාගාර අධිකාරිවරයාට නොතීසි නිකුත් කළේය.
මනෝප්රිය ගුණසේකර
0 Comments