ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ඡ්යය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබීන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් නදෙනකුගේ ඇප අයැදුම් ප්‍රතික්ෂේප කළ ලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේත්රම මහත්මිය නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිර්මිට ඊයේ (14) නියම කළාය.
සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් මහජන කැළඹීමක් ඇති වීමට හැකියාවක් ඇතැයි අවධාරණය කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ලිඛිත සහ වාචික සාක්ෂි හෙළි වී ඇති බව සැකකරුන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.සැකකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුම් සම්බන්ධයෙන් නියෝගය විවෘත අධිකරණයේ දී ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය මග හැර සිටින සැකකරු සහ ඇප නියම කළ සැකකරු හැර නඩුවේ සැක කරුවන් සියලු දෙනාම ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන 'ඉමියුනෝග් ග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශනයට අදාළව සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවන්ට ඇප නියම කරන්නැයි කළ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය නඩුව කැඳවූ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී ප්‍රකාශයට පත් කළාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ද බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ගිලන් රථ වලින් අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන්කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වැන් රථයකින් ද අධිකරණයට කැඳවාගෙන පැමිණියේය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ' අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදා හැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්න කුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ' අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් පෙරදින අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තා ද රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් මෙම සිද්ධියේ පළමු සහ දෙවැනි සැකකරුවන්ගෙන් ආදර්ශ අත් අකුරු ලබාගෙන සැසදීම සඳහා ඒවා රජයේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයාට යැවීමට කටයුතු කරන්නේ යයි කීවාය.
රජයේ රෝහල් වලට ලබාදී ඇති ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ වර්ග 185ක සහ ඖෂධ වර්ග 285කට අදාළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ද තවත් ඖෂධ වර්ග 317 ක්
සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කරගෙන යන බවත් එම සිද්ධියට අදාළ පාර්ශවකරුවන් හඳුනාගෙන ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගන්නා බවත් කී ලක්මිණි ගිරිහාගම මෙනවිය ස්නායු රෝගීන් සඳහා දෙනු "ඉමියුනෝ ග්ලෝබින් ' නමැති ප්‍රතිදේහ එන්නත් 22500 ක් සහ පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන 'රිටොක්සි මැප් ' නමැති ප්‍රතිදේහ එන්නත් 22500ක් අවශ්‍යතාව තිබී ඇතැයි කීවාය.
ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රතිදේහ එන්නත් 22500න් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් 22000ක්ද පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන අධි සංවේදී පිළිකා නාශකයක් වන ' රිටොක්සි මැප්" නමැති ප්‍රතිදේහ එන්නත් 22500න් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් 3985ක්ද සැකකරු විසින් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැර ඇතැයි කී ලක්මිණි ගිරිහාගම මෙනවිය සැකකරු විසින් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැර ඇති පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන 'රිටොක්සි මැප්' නමැති ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත විශේෂඥවරුන් කණ්ඩායමක් කළ විමර්ශනය සම්බන්ධයෙන් වාර්තාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එවා ඇතැයි කීවාය.
‘රිටොප්සි මැප්’ නමැති අධි සංවේදී පිළිකා නාශක ඖෂධ කුප්පි තුළ පිළිකා නාශක ප්‍රතිදේහය වන මොන ක්රොනල් ඇන්ටි බොඩි'නමැති ප්රතිදේ අන්තර්ගත නොවන බව මහරගම අපේක්ෂා රොහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් තහවුරු කරමින් වාර්තාවක් ලබා දී ඇතැයි ද ලක්මිණී ගිරිහාගම මෙනවිය අවධාරණය කළාය. ‘රිටොක්සි මැප්’ ඖෂධය සම්බන්ධ ගැණුම් ඇණවුම 2022 නොවැම්බර් 30 වැනිදා ලැබී ඇත්තේ දින 05ක කාලයක් තුළ ඉදිරිපත් කිරීමට වුවත් සැකකරු ඉන් එන්නත් 2200ක් සපයා ඇත්තේ ඉන් මාස 06කට ආසන්න කාලයකට පසු 2023 මැයි 11 වැනිදා බවත් පෙන්වා දුන්නාය.
මෙම ඖෂධය සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ කිසිඳු හදිසි අවශ්‍යතාවයක් නොමැතිව බව මෙම හේතුවෙන්ම වටහා ගත හැකි බවද ‘රිටෝක්සිමැප්' ඖෂධය රටේ මාසික අවශ්‍යතාව එන්නත් කුප්පි 750ක් වුවත් එම වසරේ ඔක්තෝබර් මාසය වන විට ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ එන්නත් කුප්පි 3500ක් තිබී ඇති බවත් දෙසැම්බර් මාසය වන විට තවත් ඖෂධ එන්නත් කුප්පි 3024ක් වෛද්‍ය සැපයුම් අංශයට ලැබී ඇති බවත් පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කිසිදු හදිසි අවශ්‍යතාවයක් නොමැතිව මෙම ඖෂධය රජයෙ රෝහල්වලට සැපයීමට මෙම නඩුවේ පළමු සැකකරුට මෙරට 03, 09 සහ 11 වැනි සැකකරුවන් සහය ලබාදී ඇතැයි කීවාය.
අධි සංවේදී ඖෂධ වන ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ ‘රිටොක්සි මැප්' නමැති ඖෂධ ලංකාව තුළ කිසිසේත්ම නිෂ්පාදනය කළ නොහැකි බවත් එම ඖෂධ අනිවාර්යෙන්ම ආනයනය කළ යුතු එනනත් බව විශේෂඥ මතය බවත් පළමු සැකකරුට ප්‍රමිතියෙන් තොර එන්නත් රට තුළ බෙදා හැරීමට අවශ්‍ය සහය ලබා දී ඇත්තේ මෙම නඩුවේ 03" 09 සහ 11 වැනි සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් යැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය 11 වැනි සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර රහස් පොලිස් නිලධාරීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පළමු සැකකරුට ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ ‘රිටොක්සි මැප්' නමැති ඖෂධ ගෙන්වීමට අවසර දෙමින් ටෙන්ඩර් ප්රදානය කළේ ඔහු එම ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කරයි කියා හිතුණු නිසා යැයි පවසා ඇතැයි ද කීවාය"
මහජනතාවගේ බදු මුදල් කාගෙවත් හිතුළුවලට භාවිත කිරීමට කිසිඳු නිලධාරීයකුට කිසිම හැකියාවක් නැතැයිද රජයේ වැය ශීර්ෂය අවභාවිත කරමින් මුදල් උපයා ඇති බවට පළමු සැකකරුට එරෙහිව පැහැදිලි සාක්ෂි ඇති බවත් 11 වැනි සැකකරු ඒ සඳහා අධාර අනුබල දී ඇති බවත් පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය රජයේ මුදල් අවභාවිත කිරීමට අධාර අනුබල ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෛද්‍ය තුසිත සුදර්ශන නමැත්තා මෙම සිද්ධියේ 11 වැනි සැකකරු වශයෙන් බාරගන්නා ලෙස ඉල්ලීමක් ද කළාය”
මේ අවස්ථාවේ දී නඩුවේ මුල් පැමිණිලිකරු වන ජාමුනි කාමන්ත තුෂාර වෙනුවෙන් පෙනී සිටි නිතීඥ කණිෂ්ක උඩුවැල්ල මහතා කරුණු දක්වමින් පසුගිය නඩු දිනයේදී සිය සේවාදායකයාට සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලගේ අධාරකරුවකු විසින් අධිකරණය ආසන්නයේදී තර්ජනය කර ඇතැයි ද ඔහු ඒ සම්බන්ධයෙන් මරදාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේ යැයි ද කීය.
ඒ අවස්ථාවේ දී මහේස්ත්‍රාත් වරිය මරදාන පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින කොස්තාපල් 97223 ප්‍රේමරත්න මහතා අධිකරණයට කැඳවා මෙම සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇද්දැයි පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කළ අතර මේ සම්බන්ධයෙන් සැකකරුගේ ඡායාරූප ද සහිතව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන නමුත් විමර්ශන වල තත්වය පිළිබඳ තමාට නිසි අවබෝධයක් නැතැයි කීය"
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය මරදාන පොලිසියේ කොස්තාපල් ප්‍රේමරත්න මහතාට උපදෙස් දුන්නාය.
ඉන් අනතුරුව මේ වන විට ඇප මත මුදා හැර සිටින නඩුවේ 05 වැනි සැකකරු හැර 01 සාට 08 වැනි සැකකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ ඇප අයැදුම් සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පළමු සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති සහකාර පොලිස් අධිකාරීවරයාගේ වාර්තාව නඩුවේ සෙසු සැකකරුවන්ට ආදේශ කර ගැනීමට නොහැකි බවට සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ තර්කය ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නාය.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ වන බැවින් ඇප ගැනීමට නම් සැකකරුවන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළ යුතු බවත් ජීවිත අවදානමක් ඇතැයි කීම සහ රෝගී තත්වයන් පිළිබඳව ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු වශයෙන් පිළි ගැනීමට හැකියාවක් නැතැයිද, මෙම නඩුවේ සියලු සැකකරුවන්ට එදේගුව බැලු බැල්මටම සාක්කි ඇතැයි ද තීන්දු කළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණය කිසි විටෙකත් කිසිවකුගේ මුද්‍රාවක් වන්නේ නැතැයි ද අවධාරණය කළාය.
සැකකරුවන්ට ඇප නියම කරුණු ලැබුවහොත් මහජන කැළඹීමක් වීමට හැකියාව ඇතැයි ද මේ සම්බන්ධයෙන් ඇති මහජන කැළඹීම නඩු ගොනුවෙත්ම පෙනෙන්නට ඇතැයි ද කී මහෙස්ත්‍රාත් වරිය 05 වැනි සැකකරු හැර නඩුවේ 01 සිට 08 වැනි සැකකරු දක්වා සැකකරුවන් 07 දෙනා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළාය. ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ඖෂධ 285ක් මිලදී ගැනීම සඳහා පත් කළ ඇගයීම් කමිටුව සඳහා 11 වැනි සැකකරු පත් කරන්නැයි වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැත්තා සැකකාර සමන් රත්නායකගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුවේ 06 වැනි සැකකරු මාර්ගයෙන් ඔහු ඇගයීම් කමිටුවට පත් කර ඇතැයි කීවාය.
එහි සභාපතිනිය වශයෙන් කටයුතු කර ඇත්තේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් (පරිපාලන) වශයෙන් කටයුතු කළ ෂම්මි කුමාරි දෙනාවත්ත නමැත්තිය බවත් මේ සම්බන්ධයෙන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් සැළකිලිමත් වූයේ ඖෂධයේ මිල හා ඖෂධය සැපයීමට ගතවන කාලය බව පවසා ඇතැයි ද මේ සම්බන්ධයෙන් වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැත්තාගෙන් ප්‍රකාශ ගැනීමට සිටිය දී ඔහු රටින් පිටව ගොස් ඇතැයි ද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය එහි අභ්‍යන්තර විගණන නිලධාරියා වශයෙන් කටයුතු කළ එච්. එන්. ආර්. ප්‍රේමතුංග නමැත්තා ප්‍රකාශයක් දෙමින් ඖෂධ සම්බන්ධයෙන් තාක්ෂණීක දැනුමක් නැති තමන් මෙම කමිටුවේ අසුන් ගත්තේ ගණුදෙණුවේ පාරදෘෂ්යභාව සඳහා බව පවසා ඇතැයි ද කීවාය.
එම කමිටුවේ වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කර ඇත්තේ මෙම නඩුවේ 10 සහ 11 වැනි සැකකරුවන් පමණක් බවත් ඖෂධ වේදිනියක් වශයෙන් 03 වැනි සැකකාරිය කටයුතු කර ඇති බවත් ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වුවේ ඔවුන් බවත් අති සංවේදී 'හියුමන් ඉමියුනෝග්ලොබිලීන් ' නමැති ඖෂධය දින 05 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඇති හැකියාව පිළිබඳ තමන් 03" 10 සහ 11 වැනි සැකකරුවන් මත යැපුණු බව දෙනාවත්ත නමැත්තියගේ ප්‍රකාශයෙන් තහවුරු වූයේ යැයි කී ලක්මිණ ගිරිහාගම මෙනවිය 'හියුමන් ඉමියුනෝග්ලොබිලින් නමැති ඖෂධය රජයේ රෝහල්වලට සපයන්නේ කවුද යන්ත පිළිබඳ සොයා බැලීමක් නොකළ බව ඇගේ ප්‍රකාශයෙන් වැඩිදුරටත් තහවුරු වූයේ යැයි ද කීවාය.
ඉන්දියාවෙන් අමුදුව්‍ය ආනයනය කර මෙරට ඖෂධ නිෂ්පාදනය කරන බව පළමු සැකකරු කීවත් සැපයුම්කරු ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ මෙරටට ගෙනේවී යැයි තමන් සිතූ බව 02 සහ 11 වැනි සැකකරුවන් පවසා ඇතැයි කී ලක්මිණ ගිරිහාගම මෙනවිය ඔවුන්ගේ හිතළු මත කටයුතු කිරීමට ද ඔවුන් එම තනතුරුවලට පත් කර ඇත්තේ " යනුවෙන් ප්‍රශ්න කළාය. මෙම ටෙන්ඩර් පත්‍රිකාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු කරුණු දක්වමින් ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කර මෙරට ඖෂධ නිෂ්පාදනය කරන බව පළමු සැකකරු කර ඇති දැනුම් දීම දුටු පමණින් එම ටෙන්ඩර් පත්‍රිකාව ඉවත දැමිය යුතු බව සඳහන් කර ඇතැයි කී ලක්මිණී ගිරිහාගම මෙන විය වසා ග්‍රන්ථි ආශීත පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන අධි සංවේ දී ඖෂධයක් වන රිටොක්සි මැප් නමැති ඖෂධ එන්නත් කුප්පි 2200ක් පළමු සැකකරු සපයා ඇති බවත් ඉන් එන්නත් කුප්පි 1200ක්ම රෝගීන්ට එන්නත් කර ඇතැයි ද දැනුම් දුන්නාය "
රිටොප්සි මැප් නමැති අධි සංවේදි පිළිකා නාශක ඖෂධ කුප්පි තුළ පිළිකා නාශක ප්‍රතිදේහය වන 'මොන ක්රොනල් ඇන්ටි බොඩි' නමැති ප්‍රතිදේහය අන්තර්ගත වීම අත්‍යවශ්‍යම වන නමුත් මෙහි පළමු සැකකරු සපයා ඇති 'රිටොක්සි මැප්' නමැති ඖෂධ එන්නත් කුප්පි වල මොන ක්රොනල් ඇන්ටි බොඩි' නමැති ප්‍රතිදේහය අන්තර්ගත වී නැතැයි ද එහි අන්තර්ගත වී ඇත්තේ නිකම්ම නිකං දියරයක් බව මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් තහවුරු කර ඇතැයි අවධාරණය කළ ලක්මිණි ගිරිහාගම මෙනවිය පළමු සැකකරුට මෙම එන්නත් සැපයීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට තිබූ හොඳම අවස්ථාව 03, 10 සහ 11 වැනි සැකකරුවන් මඟහැර ඇත්තේ වෙනත් අයකුගේ උවමනාව මත යැයි ද ඒ අනුව පළමු සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 14 1/2කට ආසන්න මුදලක් බැර වී ඇතැයි ද කීවාය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්කි සපයා ඇත්තේ සැකකරුවන් විසින්ම යැයි ද ඔවුන්ට එරෙහිව ඇති සාක්කි ඔවුන් කණ්ණාඩියක් ඉදිරියේ හිටගත් විට ඔවුන්ගේ රුව පෙනේනා වගේම පෙනෙන්නේ යැයි ද කී ලක්මිණි ගිරිහාගම මෙන විය මේ නඩුවේ සෑම සැකකරුවකුම කියන්නේ මම දන්නේ නැහැ" දන්නේ අනිත් කෙනා' තමයි කියලයි"
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ‘රිටොක්සි මැප්' නමැති පිළිකා ඖෂධය සම්බන්ධයෙන්ද 11 වැනි සැකකරු සම්බන්ධ වී ඇත්තේ'?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙන විය- නැහැ. මෙම නඩුවේ සමස්ත ක්‍රියාවලිය සඳහාම ඔහු සම්බන්ධ වී තියෙනවා. ඒ අතර ඔහු අධ්‍යාපන කටයුතු සඳහා බ්‍රිතානයට ගොස් තියෙනවා.
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුට එරෙහිව ඇති කරුණු පිළිබඳ ඔහුට දැනුම් දුන්නේ නැද්ද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිර්භාගම මෙනවිය- දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඇති නිවැරදිතාවය පිළිබඳ කරුණු දැක්වීමට ඔහුට නොහැකි වුණා.
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ‘රිටොක්සි මැප්" නමැති පිළිකා ඖෂධය ටෙන්ඩරයේ සඳහන්ව ඇති පරිදි දින 05 ක කාලයක් තුළ සැපයීමට පළමු සැකකරුට හැකියාව ලැබී නැද්ද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙන විය . නැහැ. ඒ සඳහා ඔහුට මාස 06කට ආසන්න කාලයක් ගත වී තියෙනවා.
එසේ තිබිය දී 06 වැනි සැකකරුගේ අනු අත්සන සහිතව 07 වැනි සැකකරු විසින් පළමු සැකකරුට ලිපියක් යවමින් ‘ඔබ අපිට බෙහෙත් සැපයු දිනට දින 180ක කාලයක් තුළ සම්පූර්ණ මුදල ඔබට ගෙවමි. යනුවෙන් දැනුම් දී තියෙනවා. නමුත් ඇත්තෙන්ම පළමු සැකකරුට දැනුම් දිය යුතු වූයේ ‘ටෙන්ඩරයේ කොන්දේසි අනුව දින 05ක් තුළ ඔබ අදාළ ඖෂධය සපයා නැත'
අනුවෙනුයි " මෙම සැකකරුවන් කියන අන්දමට බෙහෙතේ සම මාත්‍රාව දැන ගත යුතුව ඇත්තේ බෙහෙත විඳ ගන්නා රෝගීන්මයි.
11 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරිය රත්න මහතා කරුණු දක්වමින් සැකකරුගේ ප්‍රකාශ සැකකරුටම විරුද්ධව පාවිච්චි කිරීමට හෝ ඔහු අපහසුතාවයට පත් කිරීමට හැකියාවක් නැතැයි කීය.
යම් කමිටුවක අසුන් ගන්නා ලෙස තම සේවාදායකයාට ලැබුණු නියෝගයකට අනුව රාජකාරී වශයෙන් ඔහු එහි අසුන් ගත් බවත් ශ්‍රී ලංකා රජය ඔහුට පිරිනැමු ශිෂ්‍යත්වයකට අනුව බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයකට ගොස් අධ්‍යාපනය ලබමින් සිටිය දී පුහුණුව අවසන් වීමට සති 06ක කාලයක් තිබිය දී ඔහුට ලංකාවට පැමිණ මෙම විමර්ශනයට පෙනී සිටීමට වූ බවත් ඔහු විශ්ව විද්‍යාලයෙන් ගත නිවාඩු මත පැමිණ සිටින හෙයින් යළි ගොස් පුහුණුව අවසන් කර යළි පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා රෝගී තත්වයන්ගෙන් ද පෙළෙන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය කරුණු දක්වමින් සැකකරු මෙම සිද්ධියට අදාළ විමර්ශනවලට සහය දීමට ලංකාවට පැමිණි බව කීවත් ඇත්තෙන්ම ඔහු පැමිණ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ දින වල පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමට යැයි ද ඔහු ලංකාවේ සිටින බවට රහස් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි ද කීවාය.
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටිය දී පුහුණුව අවසන් වීමට පෙර ඔහු පැමිණිම සුවිශේෂි තත්වයක් නේද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- ඒ බව සළකා බැලිය යුත්තේ මේ නඩුවේ ඇති අපරාධමය කරුණු අනුවයි " මෙය ඉතාම බරපතළ කරුණු අඩංගු නඩුවක්" මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව පවරණ නඩුවක දී ඔවුන්ට එරෙහිව ‘මිනී මැරීමට තැත් කිරීම' යන චෝදනා යටතේත් නඩු පැවරීම දක්වා මෙය දීර්ඝ විය හැකියි"
පිළිකා රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට දෙන ඖෂධ වෙනුවට පළමු සැකකරු සපයා ඇති ඖෂධ දෙස බැලීමේ දී එය එසේ නොවිය හැකි ද?
සැකකරුගේ අධ්‍යාපනයට වියදම් කිරීමෙන් පමණක් නොව ජනරජයට පාඩු වී ඇත්තේ ඔහු වෘත්තීය කටයුතු කර ඇති ආකාරයෙන් ද ජනරජයට පාඩු වී තියෙනවා.
මේ අවස්ථාවේ දී අධිකරණය ඇමතු 11 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා තම සේවාදායකයා සම්බන්ධයෙන් වැඩිදුර සුවිශේෂී කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව යළි කැඳවන ලබන 28 වැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියට නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි, සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු, 61823 මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.
මනෝප්රිය ගුණසේකර
0 Comments